Home / 2014 / June

Monthly Archives: June 2014

දිවා ආහාරය කුණු කූඩයට යෑම තවත් දිග්ගැස්සෙයි

පසුව පැමිණ සිටි මව්පියන් කොටසක් දරුවන්ගේ කෑම කුණු කූඩයට දැමු ගුරුවරිය නැවත පාසලට ලබා දෙන ලෙස ඉල්ලාසිටීමට ඇල්පිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වරයා හමුවට යන බව කියමින් පාසල අසලින් පිටත්ව යන විට තවත් මව්පියන් පිරිසක් ඔවුන්ට උසුළු විසුලූ කර හූ හඬ නගන්නට විය.

Read More »

ගල්ල ගරජායේ ගින්න පිටුපස ඉන්නේ කවුද ?

මෙම ගරාජයේ නවතා තිබු වාහන දෙකක් ඇතුළු තවත් වාහන රැසක් ගින්නෙන් මුළුමනින්ම විනාශ වී ගොස් ඇති බවද පොලීසිය සදහන් කලා .මෙම ගිනි ගැනීම විදුලි කාන්දුවක්ද එසේත් නොමැති නම් ,වෙනත් කාර්මික ප‍්‍රශ්ණයක්ද, කඩාකප්පල් කාරී පිරිසක් ගරාජයට ගිනි තැබුවාද,නැත්තම් රක්ෂණ වන්දියක් ලබා ගැනීම සඳහා සිදු කළ වැඩක් ද ආදි අංශ රැසක් ඔස්සේ පොලීසිය පොලිස් පරික්ෂණ ආරම්භ කර තිබේ.

Read More »

සිරුරට ගිනි තබා ගත් දැරිය මරුට

මෙසේ මියගොස් ඇත්තේ ශිතා ලෙච්චමී නම් වු දමිල දැරියෙකි.සිය මව හා සහෝදරයා දිගින් දිගටම තමාට උපදෙස් , අවවාද දීම නොරිස්සු මෙම දැරිවිය පසුගිය දිනවලදී තම සිරුරට ගිනි තබා ගත්තා.

Read More »

පවුල් සෞඛ්‍ය,හෙද එකට ගැටේ- 5ක් රෝහලේ

මෙම පහරදීම නිසා මේ වන විට හෙද නිළධාරින් 5 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර රාගම පොලිසියේ මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.පසුගිය 28 දින ද පවුල් සෞඛ්‍ය සේවිකාවක් හෙද නිළධාරිනියකට පහර දී අත සපා කෑ අතර ඇය ද රෝහල් ගත කර තිබේ.

Read More »

මසකට සරිලන ඉන්ධන අපි ගාව තියෙනවා!

බෝයාව සවිකර මාස තුන හමාරයි.අවුරුදු 3ක වගකීම් කාලයක් තිබුනා.ඒ නිසා බෝයාව සවිකළ සමාගම ගෙන්වූවා.පුපුරා ඇත්තේ අඩි 25ක් ක් පමණ ගැඹුරින් ඇති නලයක්.දැනට බොරතෙල් නැව් දෙකක් රැඳී සිටිනවා . ඒවායේ ඇති තෙල් ලබා ගැනීමට විකල්ප ක්‍රම භාවිතා කරන්න බලාපොරොත්තුවෙනවා .

Read More »

ශ්‍රි ලංකාව හරහා අවොත් බලාගෙනයි!

ශ්‍රී ලංකාව හරහා මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට ඇතුළුවිය හැකි ත්‍රස්ත්‍ර ක්‍රියාකාරකම් හා මිනිස් මිනිස් ජාවාරම් වලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව විමර්ශනය සිදු කිරීමට ඉන්දියාවේ විශේෂ කමිටුවක් පත් කර තිබේ.

Read More »

පහර ගැසූ එකා දේශද්‍රෝහියෙක්!

අලුත්ගම හා බේරුවල ඇති වූ ගැටුම් කාරී තත්ත්වයන් අගතියට පත් මුස්ලිම් සහ සිංහල ජනතාවගේ සුවදුක් සහ අවශ්‍යතා පිළිබඳ කරුණු සොයා බලමින් ඒ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාව අතර තුර විපක්ෂනායකවරයා අවධාරණය කලේ ගැටුමෙන් පහර ගැසුවේ මුස්ලිම් හෝ සිංහල ජනතාවට නොව රටට බවයි.

Read More »

පිල්ලේ එනවා කියලා ලියුමක් එව්වේ නෑ

එමෙන්ම නවනීදන් පිල්ලේ පත් කළ කමිටුවට මෙරට තුළ පරීක්ෂණ පැවැත්වීමට ඉඩ ලබා නොදීමේ රජයේ තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව ද විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කලා.

Read More »

නිලවරණයට එරෙහිව අධිකරණයට යනවා

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට නව නිලධාරීන් තෝරා ගැනීම සඳහා පැවති නිල වරණය අක්‍රමිකතා සහිත එකක් බවට ගල්කිස්ස දිසා අධිකරණය හමුවේ වෛද්‍යවරු පිරිසක් නඩුවක් ගොනු කර තිබෙන අතර එම නිලවරණය වාරණයට ලක්කරමින් එම අධිකරණය ඉකුත් 25 වන දින නියෝගයක් ලබා දී තිබු බව ද ඔහු සඳහන් කළේ ය .

Read More »

රත්මලානේ මුස්ලිම් මස්ජිදයට ගිනී තියන්න හදලා

රත්මලානේ පිහිටි තලයාන් බාවා මුස්ලිම් මස්ජිදයට අද පාන්දර 1.30 ට පමණ ගිනි තැබීමට උත්සාහ කර තිබේ. දොරට පරණ රෙදි තොගයක් එකතු කර ගිනි තැබිමට උත්සහ කර ඇති බව අප වාර්තාකරු සදහන් කළා.

Read More »

දිවා ආහාරය කුණු කූඩයට දැමු ගුරුවරිය මාරු

දිවා ආහාරය සඳහා බත් රැගෙන එන ලෙසට දන්වා තිබියදී පාන් පිටිවලින් සැකසූ ආහාර රැගෙන ආ බවට පවසමින් එම ගුරුවරිය සිසුන්ගේ දිවා ආහාරය මෙලෙස කුණු කූඩයට දමා ඇති බවට ද මවක් අප වෙත අදහස් දක්වමින් කියා සිටියා.

Read More »

බුද්ධි අංශයේ 6ක් විසිවෙයි!

වහාම ක්‍රියාත්මක වන පරිදි කළුතර පොලිස් බුද්ධි අංශයේ 6ක් ඉවත් කර තිබේ.එම 6 දෙනා අතර කළුතර කොට්ඨාස බුද්ධි අංශයේ ස්ථානාධිපතිවරයාද වේ. මිට අමතරව අලුත්ගම,මතුගම,තිනීයාවල හා දොඩම්ගොඩ යන පොලිස් ස්ථානයන්ට අනුයුක්තව සේවය කල පිරිසක්ද වේ.

Read More »