Home / 2014 / October

Monthly Archives: October 2014

රාජපක්‍ෂගේ හඳහනට වඩා ජනතාවගේ හඳහන බලවත්

ආශ්චර්යමත් රටක් ගොඩනගන බව කියලා අද ව්‍යාපාරිකයෝ හදලා තියෙනවාද? රස්තියාදුකාර කැසිනෝකාරයෝ විතරයි හදලා තියෙන්නේ. අද හදලා තියෙන්නේ කැසිනෝ ආර්ථිකයක්. උපායමාර්ගික පනතක් ගෙනත් 2005 කිව්වේ ජාතික ආර්ථිකය නංවන බවයි. ඊටත් පස්සේ අපි කවුරුවත් දන්නේ නැතිව ඒ පනතට සංශෝධනයක් ගෙනත් තියෙනවා. සූදුවත් උපායමාර්ගික ආර්ථිකයේ කොටසක් කරලා. මේ ආණ්ඩුව සදාචාරත්මක ආණ්ඩුවක් නම් කැසිනෝ ආර්ථිකයක් පනතක් මගින් මේ රටට හඳුන්වා දෙන්න පුළුවන්ද?

Read More »

කවුද හරී!

‘හතළිස් පහත් පනහත් අතර පිරිසක් නායයෑමට යට වෙන්නට ඇති කියල අපි හිතනවා , හමු වුන මළසිරුරු පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් නැහැ, දිගින් දිගටම ඇද හැළෙන වර්ෂාව නිසා අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු වලට අද බාධා එල්ල වුණා’ ඇමතිවරයා සාකච්ඡාවෙදි සදහන් කර තිබේ.

Read More »

බලංගොඩ පස් කන්ද දෙදෙනෙකුට මරු කැදවයි

බලංගොඩ, ඕලුගංතොට පස් කන්දක් කඩා වැටිමෙන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය සදහන් කලේ වයස අවුරුදු 45ක සහ 55ක පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස ජිවීතක්ෂයට පත්වූ බවයි.

Read More »

කැත වැඩක් නිසා මහනුවර රෝහල කචල්

මහනුවර මහ රෝහලේ සේවය කරන කාර්‍ය මණ්ඩලය සේවයට පැමිණෙන යතුරු පැදිවල හුළං යවා ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.එම සංගමය නිකුත් කල නිවේදනයක දැක්වුනේ ,අද (31) උදෑසන 08.00ට පමණ හදිස්සියේම රෝහල් පාලනාධිකාරිය රෝහලේ ආරක්ෂක අංශය සමග එක්ව කල මේ අසාධාරණ ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි.

Read More »

සිතියමෙන් මැකුණු මීරියබැද්ද

මෙහිදී පාට පක්ෂ ,ජාති ,භේද අමතක කරමින් සියළු දෙනා එකට එක්විය යුතු බවත් මේ සම්බන්ධයෙන් පළාත් මට්ටමේ දේශපාලනඥයන් හරහා පාර්ලිමේන්තුවේ සංවාදයක් ඇතිවූයේ නම් මෙවැනි ඛේදවාචකයක් වළක්වා ගත හැකි වනු ඇති බවද විපක්ෂනායකවරයා සදහන් කලා.

Read More »

ඇරලා යන්න අපෙන් තෙල්

මීට පෙර ඉන්ධන එක එක මිල ගණන් යටතේ අළෙවි වුවත් හෙට දිනයේ සිට දිවයින පුරාම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් බෙදා හරිනු ලබන ඉන්ධන එකම මිලකට ලබා ගත හැකි බවයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා සදහන් කලේ.

Read More »

මහින්දගේ කටු සූප්පු කලා ඇති!

ව්‍යවස්ථාවේ ඇතැම් කරුණු සංශෝධනය කරන්න පාර්ලිමේන්තුවේ 2/3ක බලය අවශ්‍යයි. ඇතැම් අවස්ථාවල ජනමතවිචාරණයක් අවශ්‍යයි. රාජපක්ෂ මහත්තයා 2/3ක හදාගත්තේ ජනවරමකින් නොවේ. මන්ත‍්‍රීවරු බිලීබාගැනීමෙන්. ඒ අතර තමන්ගේ නඩු බේරගන්නත්, මුදල් අමාරුකම් විසඳගන්න, උගස් කරපු ගේ දොර ඉඩකඩම් බේරගන්න සල්ලි හොයාගන්න ආපු අයත් මේ ආණ්ඩුවේ 2/3කේ ඉන්නවා.ඒ නිසා මේ 18වැනි සංශෝධනය සදාචාර විරෝධීයි.ඒ නිසාම මෙම කැඳවීමට නියමිත ජනාධිපතිවරණය ව්‍යවස්ථාවිරෝධී; සදාචාර විරෝධී; ජනමතයට පටහැනියි.

Read More »

ඊනියා සංවර්ධනය හමුවේ ජනයා මුළු ගැහේ

ධනපතියන්ට ඉඩම් දෙනකොට නම් ඉල්ලන ඉඩම දෙනවා. රජයේ වියදමෙන් හෙලිකොප්ටරායන් අරං ගිහින් ඉඩම් පෙන්නනවා. ජේමිස් පැකර්ට ඉඩම් දුන්නේ එහෙම. ශැංගිලා සමාගම හමුදා මූලස්ථානයේ ඉඩම ඉල්ලූවම හමුදා මූලස්ථානය ඉවත්කරලා ඒ ඉඩම දුන්නා.නමුත් පීඩිත ජනතාවගෙන් ගන්න කැමති තැන අහන්නේ නෑ. අනෙක් අවශ්‍යතා ගැන අහන්නේ නෑ. දේශපාලන නිලධාරීන් හවුලකින් අත්තනෝමතික තීරණ ගන්නවා. එක්කෝ මීරියබැද්දෙදි වගේ ‘කිව්වේ නෑ’ කියලා මිනිස්සුන්ට බනිනවා. නැතිනම් වනාත මුල්ලෙදි වගේ බලහත්කාරයෙන් එලවනවා.

Read More »

කුජීතයි මහ රජෝ !

මම එදත් කිව්වා අදත් කියනවා මේ නීතියට එරෙහිව කටයුතු කරන, ජනවරමට එරෙහිව කටයුතු කරන මේ පුද්ගලයාට මේ ධුරය දරන්න පුළුවන්කමක් නැහැ.මේ ජනාධිපති ධුරය ජේ.ආර්. ජයවර්ධන බිහි කළේ 1972 ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනල්ලා. ඒ සංශෝධනයේම දැම්මා කිසිවෙකුත් ජනාධිපති ධුරය දෙවතාවකට වැඩිය නොදැරිය යුතුයි කියලා. 1978 නැවත එතුමා සඳහන් කළා මේ නුසුදුසුකම.ව්‍යවස්ථාව තමයි උත්තරීතර නීතිය, මේක තමයි රටේ නීතියේ හදවත සහ මොළය. 31(2) ව්‍යවස්ථාවෙන් ඒ බව තහවුරු කළා. ”ජනතාව විසින් දෙවරක් ජනාධිපතිධූරයට තෝරාපත්කරගනු ලැබූ කිසිම තැනැත්තෙක් ඉන්පසු එම ධුරයට ජනතාව විසින් තෝරාපත්කර ගැනීමට සුදුස්සෙක් නොවන්නේය.”මෙතන පැහැදිලි කරගත යුත්තේ ”ධුරය දැරීමෙන්” යන්න නොව ”තෝරාපත්කර ගනු ලැබූ” කියන එකයි. එවැනි තැනැත්තෙක් නැවත තෝරා පත්කරගැනීමට නුසුදුස්සෙක් වෙනවා. මළ පොතේ අකුරක් දන්න ඕනෑම කෙනෙකුට මේක පේනවා. මේ ව්‍යවස්ථාව අනුගමනය කරනවා කියලා මා ඉදිරියේමයි එතුමා දිවුරුම් දුන්නේ. 2010දී දිවුරුම් දෙන විට එතුමා පිළිගත්තා එතුමා නුසුදුස්සෙක් වෙලා ඉන්නවා කියලා.

Read More »

ගාපු බටර් අයාලේ යයි

ජාතික හෙළ උරුමය මඩේ සිටවපු ඉන්නක් මෙන් කටයුතු කිරීම පසෙකලා කෙළින් තීන්දුවක් ගැනීම සම්බන්ධයෙන් අපට ඇත්තේ ඉමහත් සතුටකි.පසුගිය දිනවලදී ජාතික හෙළ උරුමය සහ රාජපක්ෂ අතර දිගින් දිගටම සාකච්ඡා පැවති අතර රාජපක්ෂගේ ඉදුල් ලෙව කෑමට නොහැකි බවට හෙළ උරුමය හැගවීමත් සමග රාජපක්ෂ වියරු වැටුණු පුද්ගලයෙකු මෙන් කටයුතු කල බවයි අපට වාර්තා වුණේ.

Read More »

යටින් බැරි නම් උඩින් හරි යමු

මෙම කාර් රථයට උඩු ගුවනේදී පැයට කිලෝ මීටර් 200ක වේගයෙන් ගමන් කල හැකිය.ගොඩබිමේදී පැයට කිලෝමිටර් 100ක වේගයෙන් ගමන් කල හැකි මෙම මෝටර් රථයේ බර කිලෝ ග්‍රෑම් 400කි

Read More »

ඇමති කුලප්පුව!

ජනතාව තම පටු අරමුණු වෙනුවෙන් ඉලක්ක කර ගනිමින් රාජපක්ෂලා සිදු කරන මේ ක්‍රියාදමයන් නිසා ඔවුන් වැඩි දිනක් නොගොස් කබලෙන් ලිපට ඇද වැටීමද සිදු වන බව නොඅනුමානයි. ජනතාවට දරා ගත නොහැකි ලෙස භාණ්ඩ මිල ඉහළ දැමීමත් මැතිවරණ ළං වෙත්ම සහන ලබාදී ප්‍රාතිහාර්‍ය මවා පාන ජනාධිපතිවරයා කටයුතු කරනු ලබන්නේ උඩ පැන්නොත් බිම වැටෙන බව අමතක කරමිනි.

Read More »