Home / 2015 / March

Monthly Archives: March 2015

JVP,JHU මෙගා නාටකය

ඉන්දියානු ධීවර මාෆියාව විසින් උතුරේ ධීවර ජනතාව දිගින් දිගටම අපහසුතාවට පත් කරමින් සිටිනවා. ඔවුන් උතුරු මුහුදේ මත්ස්‍ය සම්පත කොල්ලකෑවා. අද මේ යහපාලන ආණ්ඩුව ඒ ‘හොරකම, මංකොල්ලකෑම’ නීතිගත කර තිබෙනවා. අද ගිවිසුම් ගහලා හොරකමට ඉඩකඩ සලසා දී තිබෙනවා. මේ ක‍්‍රියාදාමයට මේ රටේ ධීවර ජනතාව කිසිසේත්ම එකග නැති බව ආණ්ඩුව තේරුම් ගත යුතුයි.

Read More »

ප්‍රපාතයෙන් කෙළවරවුණු ජිවීත දෙකක් (Photos)

දික්ඔය ගැලන්කන් සිට හැටන් දක්වා ධාවනයවූ ත‍්‍රී රෝද රථයක් බගවන්තලාව හැටන් ප‍්‍රධාන මාර්ගයේ වනරාජා ප‍්‍රදේශයේදී අඩි සියයක ප‍්‍රපාථයකට පෙරලීමෙන් එම ත‍්‍රීරෝද රථයේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු එම ස්ථානයේම මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව හැටන් පොලීසිය පවසනවා.

Read More »

මෙන්න ආශ්චර්ය

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට අද එල්ල කල කදුළු ගෑස් සහ ජල ප්‍රහාරය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විසින් හෙළා දකිනවා.ඔහු විසින් මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ අද මේ සරසවි සිසුන්ට එල්ලවන්නේ යහපාලන කඳුළු ගෑස්ද, යහපාලන ජල ප‍්‍රහාරද? යන්න තමන් ප්‍රශ්න කරන බවයි.

Read More »

ඥානසාරටත් අබසරණයි!

ඥානසාර හිමියන් කරන ප්‍රකාශවලින් ඉස්ලාම් ආගමට අපහාසයක් මෙන්ම ඉස්ලාම් භක්තිකයන්ට සිත් රිදීමක් ඇති වන බවට ලැබුණු පැමිණිල්ලක් අනුවයි ඥානසාර හිමියන්ගෙන් මෙසේ ප්‍රකාශ සටහන් කර ගත්තේ.

Read More »

යහපාලනයටත් කදුළු ගෑස්

අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද දිනයේදී විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කලේ ,අධ්‍යාපන පෞද්ගලිකකරණය, පාසල්වල මුදල් එකතුකිරීම ඇතුලූ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිවලට එරෙහි කරුණු කිහිපයක් මුල්කරගෙනයි .ඒවාට විසදුම් ඉල්ලූ සිසුන් මර්ධනය කිරීමට අද වත්මන් රජය කටයුතු කලේ යහපාලන නිරුවත අමු අමුවේ සමාජය තුළ ප්‍රදර්ශනය කරමිනි.

Read More »

යහපාලන ඇමතිට ගම්මුන්ගෙන් විරෝධතා! (Photos)

මේ සම්න්ධයෙන් අප පශූ සම්පත් අමාත්‍ය පී.හැරිසන් ගෙන් විමසීමක් කළා.අමාත්‍යවරයා පවසා සිටියේ එම ගොවිපලේ සේවකයන් විසින් වැටුප් වැඩිකරන ලෙස බල කරමින් වැඩවර්ජනයක් ආරම්භ කරන බවට කර තිබූ දැණුම්දීමක් මත අද (31) දින එම ගොවිපලට යෑමට තීරණය කර තිබුණත් අත්‍යාවශ්‍ය වෙනත් රාජකාරී කටයුත්තක් නිසා අද දින එම ගොවිපලට යෑමට නොහැකිවූ බවයි.

Read More »

2020 මෙරට ජනපති පාඨලි

අමාත්‍ය පාඨලි චම්පික රණවකට මෙරට බලය සම්බන්ධයෙන් ඇත්තේ එසේ මෙසේ රුදාවක් බව අප අමුතුවෙන් සදහන් කල යුතු නැත.ඒ බල තණ්හාව නිසාම ඔහු ඇතැම් ඇතැම් අවස්ථාවලදී කාපු පිගානට අත සේදීම සිදුකල අවස්ථා අනන්තයි අප්‍රමාණයි.

Read More »

යහපාලනයට දිග ලියුමක්!

අවතැන් වුවන්ට ගෙවල් ලබා දිය යුතුයි. එහිදී මුලින්ම කල යුත්තේ ඔවුන් යුද්ධයට පෙර පදිංචි වී සිටි ප්‍රදේශ වල නිවාස සාදා දී පදිංචි කල යුතුය. ශ්‍රී ලංකාවේ හරිත වනාන්තර විනාශ වෙමින් පවතින යුගයක විල්පත්තු වනාන්තරය අසල එළිපෙහෙළි කරමින් නිවාස සැදීමට කටයුතු කිරීම අතිශය භයානක පරිසර විනාශයකි. මේ රටේ පදිංචි වීමට කෙතරම් ඉඩ තිබියදීත් සිය දේශපාලනික අරමුණු සඳහා මෙලෙස වනාන්තර හා විශේෂයෙන් විල්පත්තු අභයභුමිය හෙළි කර විනාශ කිරීම හා එයට අනුමැතිය දීම භයානක අපරාධයක් බව බොදු බල සේනා අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කරමු.

Read More »

මහපොළට වෙච්ච දෙයක්!

එළඹි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මැතිවරණ පොරොන්දුවක් වූයේ මහපොළ තවදුරටත් රු.5000 දක්වා වැඩිකිරීමයි. එය නව තාවකාලික ආණ්ඩුවේ අතුරු අයවැය තුළින්ද පසුගිය ජනවාරි 29 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය. එමෙන්ම ආණ්ඩුවේ ඇමතිවරු මහපොළ 5000 දක්වා ඉහළ දමන බවට දිගින් දිගටම මාධ්‍ය තුළ ප‍්‍රකාශ කරන ලදී. එම ප‍්‍රකාශවලට මුවාවී සැබෑ ලෙස සිදුකර ඇත්තේ ඒ වන විටත් ලැබෙමින් තිබූ රු.4000 බැ`ගින් වන මහපොළ වාරිකය රු.2500 දක්වා කප්පාදු කිරීමයි.

Read More »

මෛත්‍රී තම ප්‍රතිරූපය විනාශ කරගනීද?

ජනාධිපතිවරයාට සියලු විධායක බලතල පවරන ගැසට් කරන ලද ව්‍යවස්ථා‍ සංශෝධනය මෛත්‍රීපාල සිරිසේන පරාජය කිරීමට කැප වූ පරාජිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන දෙකක් පමණක්ඇති ජාතික හෙළඋරුමයේ නායක චම්පික රණවක ගේ බල කිරීම මත සිදු කොට ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රධාන කැබිනට් මංඩලයත් මෙම යෝජනාව ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනය එපරිදිම අනුමත කොට ඇත.

Read More »

රටක් නොවේ කියු අයට රටේ තැනක් දීම

පත්තරවල මට දකින්න ලැබුණා මේ රටේ දැනට නම් කර සිටින මුදල් ඇමැති වෙනුවට තවත් මුදල් ඇමැතිවරයෙක් ක්‍රියාත්මක වෙන බව, පස්කරලිංගම් නමින්. ඔහුගේ ජනවර්ගීය අනන්‍යතාව මට ගැටලුවක් ‍නෙවෙයි. ඔහු මෙරට ප්‍රබල ජනාධිපතිවරයකු යටතේ මූල්‍ය මෙහෙයුම් කටයුතු කරලා මේ රටින් පලා ගිහින් මෑත කාලයෙයි ඇවිත් තියෙන්නේ. එතුමා කියලා තිබුණා විදේශිකයන්ට ඉඩම් විකිණීම තහනම් කරපු නීතිය වෙනස් කරන්න ඕන කියලා. විදේශිකයන්ට ඉඩම් ගැනීම තහනම් කරලා තිබුණෙත් වෙනම පනතක් මගින් අපේ ආණ්ඩුව කාලයේ. නමුත් බද්දක් ගහන්න පුළුවන්කම තිබුණා.

Read More »

ඇමැති රිෂාඩ්ට එරෙහිව පැමිණිල්ලක්!

විල්පත්තු අභය භුමිය ඇතුළුව මන්නාරම,වව්නියා, ප්‍රදේශ මුල් කොට සිදු කරන ඉඩම් මංකොල්ලය කා ඇති බව පවසමින් ඇමැති රිෂාඩ් බදියුදීන්ට එරෙහිව අල්ලස් කොමිසමට සිංහලේ ජාතික පෙරමුණේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

Read More »