Home / 2015 / April

Monthly Archives: April 2015

හෙට කොළඹ නොයන් !

138,120,125,154,170 සහ 190 යන බස් මාර්ගවල ධාවනය වන මගී බස් රථ පෙළපාලි හේතුවෙන් විකල්ප මාර්ගවල ධාවනය කරවීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Read More »

ශ්‍රිලනිප ඩැහැ ගන්නා කුම්භාණ්ඩ, මළ පෙරේතයෝ !

වංශලා ,හංසලා සියළු දෙනාම බලාගෙන සිටියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඩැහැ ගැනීමට බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසයි.අමාත්‍යවරයා මේ බව කියා සිටියේ බිබිල ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

Read More »

“පෞද්ගලිකකරණය ” තහනම් වචනයක් කරනවා

මෛතී‍්‍ර රනිල් ආණ්ඩුව පත් කරගත්තේ ජනතාව විශාල බලාපොරොත්තුවක් ඇතුව. ජනවාරි 8 වෙනිදා ජනතාවට තිබුණේ එක පවුලක් රජ කරනවා ද නැත්තම් ලක්‍ෂ 210 වන තමන් රජ වෙනව ද කියන තීරණය ගන්න. එදා ජනතාව තීරණය කළා අපි පවුලක් රජ කරවන්නේ නෑ අපි රජ වෙනවයි කියලා.

Read More »

ආණ්ඩුවේ නොහැකියාවට එරෙහිව

පසුගිය කාලය තුළ ලංකාව පාලනය කල මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති පවුල් පාලනය නිමා වුවත් නව පාලනයත් පැරණිම ගමන් මාර්ගයේ ගමන් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.මැයි දිනය වෙනුවෙන් ජවිපේ නිකුත් කල පණිවිඩයේ දැක්වුණේ ,මුළු රටක්ම ඉල්ලා සිටි ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ස්ථාපිත කිරීමට පවා වත්මන් පාලනය අසමත්වී ඇති බවයි.

Read More »

පත අට එකට හින්දල හදපු මේ දීගෙත් අවුල් !

මේ ආණ්ඩුවේ දවසේ මාතෘකාව ප්‍රජාතන්ත්‍රවාදය බවත් යහපාලනය මහ ඉහලින් ඒ ගැන කතා කරත් පත අට එකට හින්දල හදපු මේ හවුල් දීගෙත් ඒ වචන ටිකට මුවා වෙලා සුපුරුදු ගමන යන්න හදන බව අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික පවසනවා. අද (30) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

Read More »

ලොව විශාලතම ශෛලමය සමාධි බුදු පිළිම වහන්සේ ලක්බිමෙන් (Photo)

පොළොන්නරු ගල් විහාර පිලිම නිර්මාණයෙන් වසර 875 කට පසු නිර්මාණය වන දශලක්ෂ 5.3 ක වියදමින් අඩි 67.5 ක් උසැති අතීත ශ්‍රී විභුතියෙන් අභිමානවත්ව නිර්මාණ‍ය වූ මෙම ශෛලමය ප්‍රතිමා වහන්සේ විසිඑක්වෙනි සියවසේ සියළුම ජනතාවට ආඩම්බර විය හැකි, අනාගත දරු මුනුබුරන් වෙත අමිල තිලිණයක් ලෙසින් දයාද කල හැකි අති විශිෂ්ඨ කලා නිර්මාණයකි.මෙම සමාධි බුදු පිළිම වහන්සේ නිර්මාණය කිරීම සදහා දස දෙනෙකුගෙන් යුතු ශිල්පීන් කණ්ඩායමකට වසර 15 ක පමණ කාලයක් කැප කිරීමට සිදු විය.

Read More »

චන්ද්‍රිකා ඉත්තා වෙයි -යහපාලනයට අභියෝගයක් ! (Video)

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු පාර්ශවකරුවන් ජෝන් කීල්ස් සමාගමට කොළඹ වරායේ අක්කර 10 ක බිමක් නැව්වලට තෙල් සැපයීමේ කටයුතු සඳහා පෞද්ගලික අංශයට පැවරූ ආකාරය වැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු කළත් වසර ගණනාවක් යනතුරු නීතිපති රහස් පොලිසිය හා අල්ලස් කොමසාරිස් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවටයි ඔවුන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සදහන් කර ඇත්තේ.

Read More »

මම වැඩ කරනකොට ලැක්ටොජන් බබාලා උද්ඝෝෂණ කරනවා

එය මොන ජගතෙකුටවත් නතර කරන්න බෑ.හැබැයි මගෙන් මාස 03න් මැජික් බලාපොරොත්තු වෙන්න එපා.පසුගිය පාලනය විසින් ඒ සියළු කොටස්වලට ලබා දිය යුතුව තිබූ සහන සියල්ල කප්පාදු කලා.

Read More »

මහින්ද වැට උඩ !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හෙට (01) පැවැත්වෙන මැයි දින රැලි සදහා සහභාගි වීමට ආරාධනා කිහිපයක්ම ලැබී ඇතත් තවමත් ඔහු ඉන් කුමන මැයි රැලියට සහභාගි වනවාදැයි නිශ්චිතව තීරණය කර නෑ.

Read More »

නයාගේ මුවාවෙන් ගැරඩියෙක් සම්මත කිරීම !

වත්මන් ආණ්ඩුව නයෙක් සම්මත කිරීමට බලාපොරොත්තු වුවත් සම්මත වූයේ ගැරඩියෙකු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.ඊයේ (29) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රිවරයා මේ බව කියා සිටියා.වත්මන් ආණ්ඩුව ගැරඩියෙක් සම්මත කර ගැනීම සිදු කලද ජන මාධ්‍ය ඉදිරියට පැමිණ පෙන්නන්නේ නයෙක්ම සම්මත කල ආකාරයක් බවයි මන්ත්‍රිවරයා වැඩිදුරටත් සදහන් කලේ.

Read More »

සූදූ පොළක් වටලයි -දකුණේ මන්ත්‍රි කෙනෙකුත් මාට්ටු

ගාල්ල , බටපොළ,තිස්සමහාරාමය, වැලිගම, යන ප්‍රදේශවල පුද්ගලයන් 14 දෙනෙක් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.මෙම සුදු පොලේ සුදු කෙලින්නට පැමිණි බුරුවා කාරයන් පැමිණ ඇත්තේ අති නවිනතම වාහන කිහිපයකි. එවැනි නවිනතම වාහන පහක්ද මෙම සුදු පොලේහි තිබී සොයාගෙන තිබේ.මැණික් ව්‍යාපාරිකයන්,කුරුදු ව්‍යාපාරකියන්,සංචාරක ව්‍යාපාරකයන්ද හොටෙල් හිමියන් හා වෙනත් සුපිරි ගණනයේ ව්‍යාපාරිකයන් රැසක්ද මේ ආකාරයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More »

හෙට වැඩ මෙහෙමයි!

ජාත්‍යන්තර කම්කරු දිනය හෙටට (01) යෙදී තිබේ.ඒ වෙනුවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ,එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ පවත්වන ප්‍රධාන මැයි රැලි සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරය පහත දැක්වෙනවා.

Read More »