Home / 2015 / May

Monthly Archives: May 2015

විස්ස ගැන ඇත්ත කියන්න

20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ හොර ගල් ඇහිදිමකින් තොරව සිය ස්ථාවරය පැහැදිලි කිරිම එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එම පක්ෂයේ වගකීමක් බව විපක්ෂ නායක නිකුත් කළ මේ නිවේදනයේ වැඩදුරටත් සඳහන් වෙනවා.

Read More »

පැන්න අයට වැඩ වරදීද?

කෙසේවෙතත් ඉදිරි සතිය තුළ ජනපති හා අගමැති මුලසුන දරන විශේෂ කමිටුව මගින් සංශෝධනයේ ඇතිවී ඇති ගැටළු සහගත තත්ත්වයන් නිරාකරණය කිරීමෙන් පසුව 20 සඳහා පාර්ලිමේන්තුවේ එකඟතාවය ලබා ගත හැකිවන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළා.

Read More »

යහපාලන ඇමති මණ්ඩලය ඉහලට?

පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයට බහුතරයක් නොමැති නමුත් කැබිනට් මණ්ඩලයේ බහුතරය එක්සත් ජාතික පක්ෂයට හිමිවීම සාධාරණ නොවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට පෙන්වාදී ම නිසා ඉදිරි මහ මැතිවරණයට පෙර කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

Read More »

රවී,හර්ෂ,බන්දුල එකට ගැටේද?

රටේ මූල්‍ය හා ආර්ථික තත්ත්වය පිළිබඳ මුදල් අමාත්‍යවරයා සහ මහ බැංකු අධිපතිවරයා අසත්‍ය ප‍්‍රකාශ රාශියක් සිදුකර ඇති බවත්‍ ‍රටේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් රජය කළ අසත්‍ය ප්‍රකාශ නිවැරදි කිරීම සඳහා තමන් සමඟ ප්‍රසිද්ධ විවාදයකට එන ලෙසත් මුදල් අමාත්‍ය රවී කරුණානායකට සහ ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ඊයේ අභියෝගයක් එල්ල කර සිටියා.

Read More »

දින 100 යේ ශිෂ්‍ය මර්දනය

ජනවාරි 8 වැනි දා සිට අද දින දක්වාම ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව උග‍්‍ර රාජ්‍ය මර්දනයක් ක‍්‍රියාත්මක වෙමින් පවතී. පසුගිය මාස කිහිපය තුල සිදු වූ සියලූ සිදුවීම් දෙස සාවධානව බැලීමෙන් මෙම උග‍්‍ර රාජ්‍ය මර්දනය ශිෂ්‍ය ව්‍යාපාරය පමණක් ඉලක්ක කර ගත්තක් නොවන බව පැහැදිලි වේ. ජීවිතය ඉල්ලා සටන් කල යාපනේ ජනතාවට, මීතොටමුල්ල ජනතාවට, ඊටත් පෙර පැල් වෙහෙර ගොවීන්ට ආදී මෙකී නොකී සියලූ සංවිධාන ගත වු බලවේග වලට එරෙහිව යහපාලන ආණඩුව දැඩි මර්දනකාරී ප‍්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබීය. එහෙයින් ආණ්ඩුවේ අරමුණ කුමක්දැයි අමුතුවෙන් පැහැදිලි කල යුතු නොවේ.

Read More »

ඉන්දියාවේ එහේම උනත්!

ශ්‍රීලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අප කල විමසීමකදී ඔවුන් කියා සිටියේ ඉන්දියාවට බලපා ඇති මෙම අධික උෂ්ණත්වය හේතුවෙන් ලංකාවට කිසිදු බලපෑමක් ඇති නොවන අතර ලාංකික ජනයා ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැති බවයි. ලංකාවට මෙවැනි අධික උෂ්ණත්වයක් වාර්ථා වුණේ 1983 අප්‍රේල් මස 10 වන දින බවත්, එය සෙල්සියස් අංශක 40.1ක් වශයෙන් සටහන් වූ බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

Read More »

හොරු වෙනුවෙන් හොරු

මැතිවරණය ප්‍රමාද කරන්න හදන්නේ 20 වැනි සංශෝධනය පෙන්නමින් බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ 20 වැනි සංශෝධනය ගැන දේශපාලන පක්ෂ අතර තවමත් එකඟතාවයක් දක්නට නොමැති බවත් දැන් විශ්වාසභංගයක් ගේන්න උත්සහ කරනව නම් එතන කුමන්ත්‍රණයක් සිදුවන බව පැහැදිළිව පෙනෙන්නට ඇති බවයි.

Read More »

කොටකෙතන අදත් උණුසුම්

කොටකෙතන ප්‍රදේශවාසීන් පිරිසක් අද (30) පෙරවරුවේ රත්නපුර - කහවත්ත නගරයේ උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා. ඉකුත් 28 වනදා පැවති උද්ඝෝෂණයේ දී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයෙකු පොළිසිය විසින් අත්ඩංගුවට ගැනීමට විරෝධය පළ කරමිනුයි අද (30) උදෑසන මොවුන් මෙසේ උද්ඝෝෂණයේ නිරත වී ඇත්තේ.

Read More »

ආණ්ඩුව Expired!

ආණ්ඩුව තඩි ඇමති මණ්ඩලයක් හදාගෙන ජනවරමත් එක්ක විහිලු කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.''දින 100 අවසන් රට වෙනුවෙන් නව ගමනක්'' යන මැයෙන් දිවයින පුරා සංවිධානය කරන ජනතාව දැනුවත් කිරීමේ මහනුවර ඊයේ පැවති සම්මන්ත්‍රණ අමතමින් ඔහු මේ බව කියා සිටියා.

Read More »

අධ්‍යාපන ලේකම්වරයාත් අසමත්!

විනය හේතු මත වහාම කි‍්‍රයාත්මක වන පරිදි කොළඹ ඉසිපතන වි,ලයේ විදුහල්පතිවරයාට අධ්‍යාපන ලේකම්වරයා විසින් ලබාදුන් ස්ථාන මාරුව මෙතෙක් කි‍්‍රයාත්මක කිරීමට අධ්‍යාපන ලේකම්වරයාට නොහැකිවීම ඔහුගේ තනතුර බරපතළ ලෙස හෑල්ලූ කිරීමක් බව නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සේවා සංගමය පවසයි.

Read More »

ප්‍රතිවිප්ලවය පරදවන්න රනිල් සැරසේ

රට තුළ ජීවත්වන්නන්ගේ මානසික වෙනසක් ඇති කිරීමට නම් ප්‍රතිවිප්ලවය පරාජය කල යුතු බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවා. ඔහු මේ බව පැවසුවේ මාදුලුවාවේ සෝභිත හිමියන්ගේ 73 වන ජන්ම දිනය සැමරීම සදහා බණ්ඩාරනායක අනුස්මරණය ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (29) පැවති උපහාර උත්සවයට සහභාගි වෙමින්.

Read More »

111 සිංහල හාලේ බත් හැලියට පන්නරය දෙන ගාල්ලේ ගොවි රජවරුන් සමඟ

එකල අපේ පැරැන්නෝ වී වලට නම් දීමේදී වියෙහි පැහැය, හැඩය, මෙන්ම සුවඳ පිළිබඳවද සැලකිලිමත් වී තිබේ. හේනේ වපරනු ලැබුවේ ගොඩවී හෙවත් ඇල් වීය. මඬේ වපරනු ලැබුවෙ මඩවීය. සමහරක් වී වර්ග රතු යනුවෙන්ද සුදු යනුවෙන්ද හැඳින්වූහ. වියෙහි හැඩය අනුව දික් වී කුරු වී හීං වී ආදි වශයෙන් නම් පටබැඳීය. කෙසේ වුවද මෙකී වර්ග දැන් දැන් අපේ ජනවහරින්ද මැකී යමින් පවතී.

Read More »