Home / 2015 / July

Monthly Archives: July 2015

SLFP,UNP,JVP පක්ෂවලට තියෙන්නේ අදාගේ න්‍යාය (Photo)

ජාතික ප‍්‍රශ්නය මූලික කරගත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රශ්න වලින් රටේ ප‍්‍රධාන පක්ෂ තුනම ලිස්සා යන්නේ ඉතා අවස්ථාවාදී ලෙස බව පෙරටුගාමි සමාජවාදි පක්ෂය පවසයි.පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය හමුවක් ඊයේ (30) පැවති අතර ඒ සදහා එක් වෙමින් එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම්, පුබුදු ජයගොඩ මේ බව කියා සිටියා. මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූයේ එහි ...

Read More »

අලියාට හුළං ,ජනපති සන්ධාන මැතිවරණ වේදිකාවේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (31)එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රචාරණ රැස්වීමක් වෙනුවෙන් සහභාගි වූවා. අමාත්‍ය දුමින්ද දිසානායකගේ ජය වෙනුවෙන් අද ඔහුගේ නිවසේ ජන රැලියක් පැවති අතර ජනාධිපතිවරයා ඒ සදහා සහභාගිවී තිබෙනවා.

Read More »

රවීගේ මනාප සටනට පාතාලයත් ආවාද ?

කොටහේන, බ්ලූමැන්ඩල් පාර ප්‍රදේශයේදි අද (31) පෙරවරුවේදී වෙඩි තැබීමක් සිදුවූ අතර මෙය දේශපාලන ගැටළුවක් නොව පාතාලයට සම්බන්ධ පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිස් බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙන බව වාර්තා වනවා. රවී කරුණානායකගේ ආධාරකරුවන් අතර සිටි ‘ආමි සම්පත්‘නමැති හමුදාව හැර ගිය පුද්ගලයාට වෙඩි තැබීම සදහා මෙම පිරිස පැමිණ ඇති බවයි ...

Read More »

ශීලාචාර දේශපාලනය අශීලාචාර කිරීමට පිරිසක් උත්සහ දරනවා

යහපත් දේශපාලන සංස්කෘතියක් දැකීමට අකමැති පිරිස් භීෂණය වපුරා මැතිවරණය ජයග්‍රහණය කිරීමට දරණ උත්සාහයේ ආසන්නතම සිදුවීම කොළඹ බ්ලූමැන්ඩල් පෙදෙසේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවෙන් පැහැදිලි වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් කබීර් හෂීම් නිකුත් කල නිවේදනයක මේ බව සදහන්. පහත දැක්වෙන්නේ එම නිවේදනයයි. යහපත් දේශපාලන සංස්කෘතියක් දැකීමට අකමැති පිරිස් ...

Read More »

මැතිවරණ නිතී කඩා වැඩ වරද්දා ගනී (Photos)

නුවරඑළිය දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායම් නායක හා අපේක්ෂක සී.බී.රත්නායකගේ ජීප් රථය හැටන් මල්ලිඅප්පුව පොලිස් මාර්ග බාධකයේදී හැටන් පොලීසිය භාරයට ගෙන තිබෙනවා. ජීප් රථය පොලිස් භාරයට ගන්නා අවස්ථාවේදී ජීප් රථයේ සී.බී.රත්නායකගේ පුත් අභීත රත්නායක හා ඔහුගේ රියදුරා ජීප් රථය තුළ ගමන් කර තිබෙනවා. අපේක්ෂකයා නොමැතිව මනාප අංකය සඳහන් කරමින් ...

Read More »

අපි පසුගිය රජය දණ ගැස්සුවා

ලබන 17වෙනිදා පැවැත්වෙන මැතිවරණයේදී මේ රටේ වැඩකරන ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරදීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඇප කැපවී කටයුතු කරන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ පවසයි.ජනතා විමුක්ති පෙරමුණේ ජාතික වැඩපිළිවෙළ ‘හෘදසාක්ෂියේ සම්මුතිය’ වෘත්තීය සමිති නායකයින්ට පිළිගැන්වීම සහ ඒ පිළිබඳ සංවාදයක් පිටකෝට්ටේ සොභාෂී උත්සව ශාලාවේදී පැවැත්විණි. මෙම අවස්ථාවට එක් ...

Read More »

රවීගේ මනාප සගයන්ට නාදුනන තුවක්කුකරුගෙන් වෙඩි (Photos) (UPDATE)

කොටහේන, බ්ලූමැන්ඩල් පාර ප්‍රදේශයේදි අද (31) පෙරවරුවේදී වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා.මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ ආධාරකරුවන් පිරිසකටයි මෙලෙස වෙඩි තබා ඇත්තේ. රථ වාහන දෙකකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා .මෙහිදී 13ක් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කාන්තාවක් ජිවීතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අප කල ...

Read More »

අගෝස්තු 10 දා සිට විෂමතා ඉවත් කළ විශ්‍රාම වැටුපක්

විෂමතා ඉවත් කිරීමෙන් පසු විශ්‍රාමිකයන්ට එම මුදල් ලබා ගැනීමට තිබූ ගැටලු වහා ම ඉවත් කරන ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක අද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දි තිබේ.ඒ අනුව ලබන මස 10 වැනිදා සිට සාමාන්‍ය පරිදි විෂමතා ඉවත් කළ විශ්‍රාම වැටුප ද ලබා ගැනීමේ හැකියාව බවයි අමාත්‍යවරයා පැවසුවේ. 2006 වසරට පෙර ...

Read More »

උතුරු-නැගෙනහිර යලි ඒකාබද්ධ කිරිමට විරෝධය

ඉන්දු – ලංකා ගිවිසුම මගින් එකාබද්ධ කර තිබූ උතුර නැගෙනහිර, අධිකරණ තීන්දුවක් මගින් වෙන්කල බවත් නැවත මෙම පළාත් 02 ක ඒකාබද්ධ කලහොත්, එය මුස්ලිම් ජනතාව කිසිම අවස්ථාවක පිළිනොගන්නා බව බීබීසී ගුවන් විදුලි සේවයට අදහස් දක්වමින් නීතිඥ උවෙයිසුර් රහුමාන් පවසයි. ජනවාර්ගික ගැටළුවට විසඳුමක් ලෙස උතුර නැගෙනහිර ඒකාබද්ධ කලයුතු බව අවධාරණය කර, දෙමළ ...

Read More »

ප්‍රදීප් රංගන අතිනත ගත් යුවතිය (Photos)

සිරස සුපර් ස්ටාර් හරහා බිහිවූ යොවුන් පරපුරේ ජනප්‍රිය ගායක ප්‍රදීප් රංගන අද (30) යුග දිවියට එළැඹි තිබෙනවා. ඔහු සමග අතිනත ගත් යුවතිය ප්‍රසාදිනියි.

Read More »

සෝමරත්නට සභාපති පුටුව එපා වෙයි

තමා රූපවාහිනි සංස්ථාවේ සභාපති තනතුරින් ඉල්ලා අස්වන බව සෝමරත්න දිසානායක පවසයි.අද (30) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා. ලබන මස 3 වෙනිදා පටන් තමා මෙම තනතුරින් ඉවත්වන බවයි ඔහු සදහන් කලේ.

Read More »