Home / 2015 / August

Monthly Archives: August 2015

හෙට කණ පැලෙන උත්තරයක් ජනාධිපති දෙනවා

සන්ධාන මන්ත්‍රිවරුන් සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් අද (31) ජනධිපති මෛත්‍රිපාල සිරිසේන සමග සාකච්ඡාවක් පැවැත්වූවා.ජාතික ආණ්ඩුවක් ලෙසින් සමාජිය සහ ආර්ථික වශයෙන් ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සන්ධාන ජාතික ලැයිස්තුවෙන් තේරිපත්ව සිටින ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසුවේ ,ඉදිරියේදී එන ගැටළුවලට පක්ෂ දෙකම එකතුවී ,බෙදා හදා ගනිමින් ...

Read More »

මංගල සැසියට සියල්ල සුදානම් ,ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් !

ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය හෙට (01) ආරම්භ වනවා.ඒ පෙරවරු 9.30 ටයි.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනද හෙට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි. ප්‍රථමයෙන්ම පාර්ලිමේන්තු කතා නායකවරයා පත් කිරීමට නියමිතව ඇති අතර ඒ සදහා කරු ජයසූරියගේ නම යෝජනා වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ . ඉන් අනතුරුව කතානායකවරයා මුලසුනට පැමිණිමට නියමිත අතර ඔහු ප්‍රථමයෙන් ...

Read More »

දයාත් යන්න යයි !

පසුගිය දිනවලදී පැවති මහ මැතිවරණයේදී සන්ධානයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙවැනි ස්ථානයට තේරිපත්වූ දයාසිරි ජයසේකර වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධූරයෙන් සමුගෙන තිබෙනවා. ඔහු එම තනතුරෙන් ඉවත්ව හෙට දිනයේදී නව පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නියමිතයි.    

Read More »

දෙමළ සරණාගතයින්ගේ මාතෘ භූමිය ලංකාවයි ,වත්මන් රජය ඒ අයට ශක්තියක් !

තමිල්නාඩුවේ සිටින ශ්‍රි ලාංකික දමිළ සරණාගතයින්ට යළි මව් රටට යෑමට හොද අවස්ථාවක් වර්තමානයේ උදාවී ඇති බව ඉන්දියාවේ ඊලාම් සරණාගතයින් පුනරුත්තාපන සංවිධානය පවසයි.එම සංවිධානයේ නිර්මාතෘ එස් .සි චන්ද්‍රහසන් පැවසුවේ ,ශ්‍රි ලංකාව තුළ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට පවතින උත්සහය තුළ එම වටපිටාව සකස්වී ඇති බවයි. තමිල්නාඩුවේ ශ්‍රි ලාංකීය දෙමළ සරණාගතයන් ලක්ෂයකට වැඩි පිරිසක් ...

Read More »

ජාතික ආණ්ඩුවේ ඇමති පට්ටම් මෙන්න

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ලබන සතියේදී දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. තර්ක විතර්ක රැසක් මැද සාකච්ඡා පවත්වා ජාතික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය පත් කර ගැනීමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට හැකියාව ලැබුණා. ලැබෙන ආරංචි මාර්ග අනුව අමාත්‍යධූර පිරි නමා ඇත්තේ මෙසේයි. අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ – ආර්ථික ප‍්‍රතිපත්ති,හා රටෙන් පරිබාහිර සම්පත් ...

Read More »

කතා නායක කරූ ,නියෝජ්‍ය කතා නායක ෆවුසි ?

නව පාර්ලිමේන්තුවේ කතා නායකවරයා ලෙස කරු ජයසූරියගේ නම යෝජනා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. පසුගිය දිනවලදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කල අතර එහිදි කතා නායකවරයා එක්සත් ජාතික පක්ෂයෙන් සහ නියෝජ්‍ය කතා නායකවරයා සන්ධානයෙන් පත් කර ගැනීමටයි තීන්දු වූයේ. කෙසේ වෙතත් නියෝජ්‍ය කතා නායකවරයා ලෙස ඒ ...

Read More »

ජනපති අවසානයේ සන්ධාන මග යයි !

විපක්ෂනායකවරයා තෝරා ගැනීම සදහා සන්ධාන මන්ත්‍රීන්ටම ඉඩකඩ ලබා දෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කල බව මෙවර පාර්ලිමේන්තුවට තේරිපත්ව සිටින විමල් වීරවංශ පවසයි.අද (31) සන්ධාන නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවති අතර එහිදි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කල බවයි විමල් වීරවංශ කියා සිටියේ. විපක්ෂනායකවරයා පත් කිරීමට ඉඩ සලසන ලෙසට මෙහිදි ...

Read More »

මහින්ද දින්නා නම් මේ රට විශාලාවක් බවට පත් වෙනවා ! (Video)

පසුගිය මැතිවරණය තුළදි මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කලා නම් සැප්තැම්බර් මාසය වන විට සම්භාදක පැමිණ රට විශාලවක් බවට පත්වීමට ඉඩකඩ පැවතුණ බව මෙවර පාර්ලිමේන්තුවට තේරිපත්ව සිටින පාඨලි චම්පික පවසයි.ඔහු පැවසුවේ මේ වන විට බටහිර රටවල් වලින් ශ්‍රි ලංකාවට එල්ල වන යුධ අපරාධ වලින් බේරීමට අපට හැකියාවක් ඇති බවයි. ඒ නිසා මේ ...

Read More »

JVP නහින්නේ කට නිසා !

ජනතා විමුක්ති පෙරමුණ මොණවාහරි කියන්න්න අවශ්‍ය නිසා කටට එන ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව පාර්ලිමේන්තුවට තේරිපත්ව සිටින චන්ද්‍රාණි බණ්ඩාර පවසයි.ඇය පැවසුවේ ,ජනතා විමුක්ති පෙරමුණ පසුගිය දිනවලදී ආණ්ඩුවක් හදන තරමටම කෑමොර දුන්නත් ඔවුන්ට ලබා ගත හැකි වූයේ ,මන්ත්‍රිධූර 04ක් පමණක් බවයි. ජනතා විමුක්ති පෙරමුණ ජාතික ආණ්ඩුව ගැන දැන් විවිධ ප්‍රකාශ නිකුත් ...

Read More »

යහපාලන ජාතික පෙරමුණ යූ ටර්න් එකක !

පසුගිය දිනවලදී ජාතික හෙළ උරුමය එක්සත් යහපාලන ජාතික පෙරමුණ බවට පත් විය.නමුත් එය නැවත වතාවක් ජාතික හෙළ උරුමය බවට පත් කිරීමට තීරණය කල බවයි හෙළ උරුමයේ හිටපු ජාතික සංවිධායක ,පළාත් සභා මන්ත්‍රි නිශාන්ත ශ්‍රි වර්ණසිංහ කියා සිටියේ. ඔහු වැඩිදුරටත් පැවසුවේ ,හෙළ උරුමයේ නම සහ ලාංජනය ලබා ගැනීම සදහා මැතිවරණ කොමසාරිස්වරයා ...

Read More »

මෛත්‍රි එකක් කියයි ,චන්ද්‍රිකා තවත් එකක් කියයි මන්ත්‍රිවරුන් තවත් එකක ,විපක්ෂනායක අර්බුධය උඩු දුවයි!

අද (31) දිනයේදී සන්ධාන ප්‍රබලයන් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර සාකච්ඡාවක් පැවැත්වෙනවා.මෙය තීරණාත්මක සාකච්ඡාවක් වන අතරම විපක්ෂනායකවරයා පත් කර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතයි. පසුගියදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පැවති අතර එහිදි විපක්ෂනායකවරයා පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට පවරා දීමට මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කලා. එසේම ...

Read More »

ශ්‍රිලනිප මන්ත්‍රීන් 60කගෙන් සන්ධානයට පොලු !

සන්ධානයේ හවුල්කාර පක්ෂ කිහිපයක් සන්ධානයෙන් ඉවත්වී අලුත් පක්ෂයක් ගොඩ නගා ගනිමින් ඔවුන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්ය භාරය සිදු කිරීමට සුදානමක් පවතින බව අප පසුගිය දිනවලදී දිගින් දිගටම කරුණු වාර්තා කලා. ඒ සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් 50-60ත් අතර ප්‍රමාණයක් එක්ව සිටින බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. මේ අතර ඊයේ කොළඹ පැවති ...

Read More »