Home / 2016 / June

Monthly Archives: June 2016

මගේ නායකයා රනිල්

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසුරුවා හැර නැති බවත් අද සිට එය එක්සත් ජාතික පක්ෂය සමග ඒකාබද්ධ වෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා පවසනවා. ඒ අනුව මෙතන් පටන් තමන්ගේ දේශපාලන නායකයා වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බව ෆීල්ඩ් මාෂල්වරයා අවධාරණය කළා. ” රටේ පවතින තත්ත්වය, රටේ පවතින දේශපාලන වාතාවරණය,අනාගතයේදී අගමැතිතුමා ප්‍රමුඛ රජයට, ජනාධිපති ...

Read More »

යහපාලනය යනු බදු ගැසිමයි

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානතම ආදායම් මාර්ගය වන්නේ හැමදේටම බදු එකතු කිරීම බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරනවා. 1977 නිදහස් ආර්ථිකයට පෙර රජයේ ප්‍රධාන ආදායම් මාර්ග උපයීමේ ක්‍රම ලෙස බදු එකතු කිරීම මෙන්ම රජය සතු කර්මාන්ත, ගොවිපොළවල්, ව්‍යාපාර පැවති බවත් 1977 පසු රජය සතු ...

Read More »

ඩිලාන්ට ජනපති ලෙඩේ හැදේ

ඊළඟට පත් වන ජනාධිපතිත් ඡන්දෙන් පත් විය යුතු බවත් ඒ සඳහා තමන්ඉදිරිපත් වීමට සූදානම් බවත් අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා. ” ඊළඟ ඡන්දෙට යූ. එන්. පී එකට නම් රනිල් ඉන්නවා. ඒත් අපේ පක්ෂෙට කෙනෙක් කෙනෙක් නැහැනේ. මහින්දටත් බෑ, චන්ද්‍රිකාටත් බෑ. හැබැයි මට පුළුවන්. ඒත් ඉතින් ඒක ඒ වෙලාවට කියලා බෑ, දැන්ම ...

Read More »

මෙහෙම ජනාධිපති කෙනෙක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ

අගමැති ලගින් ඉන්න විට ලංකාවේ හය වෙනි විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත්ත තීරණත් අවලංගු කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ චෝදනා කරනවා. මහ බැංකු අධිපති අරජුන මහේන්ද්‍රන් ඉවත් කර නව මහ බැංකු අධිපතිවරයෙකු පත් කිරීමට පත් වීමේ ලිපියත් රැගෙන මහ බැංකු පරීශ්‍රයට ගිය ජනාධිපති අගමැතිගේ බලපෑම මත එම ...

Read More »

මහේන්ද්‍රන් ආරක්ෂා කරන්න මට අවශ්‍ය නෑ

ශ්‍රීලංකන් ගුවන් සේවය ණය එක්ක විකිණිය නොහැකි නිසා එම ණය ගෙවීමට බාර ගෙන අනාගතයේ රටට බරක් නොඑන ලෙස එය විකුණා දමන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසනවා. එසේම පසුගිය රජයෙන් භාණ්ඩාගාරයෙන් බිල්පත් නොමැතිව රුපියල් බිලියන 1300 ණය රැගෙන ඇති බව අන්තර් ජාතික මූල්‍ය අරමුදල තහවුරු කළ බවත් එම ණය මුදලද තම ...

Read More »

සිංහල දන්නේ නැති මිනිස්සු හදපු වාර්තා අපිට එපා

ලාල් විජේනායක ව්‍යවස්ථා කමිටු වාර්තාව හා ඒ පිළිබඳව වන ජනතා විමසීම් පිළිගත නොහැකි බව බෙංගමුවේ නාලක හිමියන් පවසනවා. එම කමිටු වාර්තාවට විරුද්ධව ජනතා දැනුවත් කරමින් ව්‍යවස්ථා කුමණ්ත්‍රණයට එරෙහිව පත්‍රිකා දස ලක්ෂයක් බෙදා හැරීමේ වැඩසටහනට එක් වෙමින් උන්වහන්සේ මේ පිළිබඳව පැවසුවා. “මේ ව්‍යවස්ථාව හදලා තියෙන්නේ ඉංග්‍රිසියෙන්. පස්සේ තමයි සිංහලට හදලා තියෙන්නේ. ...

Read More »

වැට් නිසා ෆැලැට් වෙලා නෑලු

නව වැට් බදු සංශෝධනයට එරෙහිව රට පුරා වීරෝධතා පැවැත්වුනත් අතවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යාමක් සිදු වී නැති බව අමාත්‍ය ලක්ෂ්මන් අබේගුණවර්ධන පවසනවා. පෞද්ගලික සෞඛ්‍ය සේවා අයතනවලට වැට් බදු සංශෝධනයෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කරන බව හා ඒ පිළිබඳ රජයේ අවධානය යොමුව ඇති බව ඔහු පැවැසුවා. මේ අතරම ...

Read More »

කුමාරයා, මාරයා වෙයිද?

ශ්‍රි ලංකා ජාතික ආණ්ඩුව සමදායකත්වය සපයමින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපත් කළ යෝජනාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කිරීමේ වාර්තාවක් ඉදිරිපත් කරමින් මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු දශක තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධය සමයේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කර ...

Read More »

පලමුවැනිදාට අලුත් අධිපතිවරයෙක්

එළෙබෙන ජූලි 01 වෙනිදා සිට නව මහ බැංකු අධිපතිවරයෙකු පත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අද මහ බැංකු පරීශ්‍රයේ නීරීක්ෂණ චාරිකාවක නිරත වූවා. මේ අතර ජූලි 01 වෙනිදා සිට තම ආයතනයේ ඇති විය හැකි වියවුල්කාරී තත්ත්වය වලක්වා ගැනීමට ඉතා ඉක්මනින් නීත්‍යානුකූල ...

Read More »

පාර්ලිමේන්තුවේ වට්ටි අම්මා ගැන මධු මාධව කියයි

උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා දේශපාලන පළිගැනීමකට අභූත චෝදනා නඟා සිරගත කිරීම සම්බන්ධ නාට්‍ය ඉදිරියට විකාශනය වෙනවා. ඒතුමන් සිරගත කිරීම කුඩා දරුවෙක් උනත් දන්නවා දේශපාලණ සිරගත කිරීමක් කියලා.නමුත් පුහුල් හොරා කරෙන් දැනෙන්නා වගේ එතුමාගේ සිරගත කිරීම සම්බන්ධව පා.ච. රණවක ඇතුළු නඩය එළියට පැන තමන් සමඟ ජාතික ව්‍යාපාරවලට උරෙන් උර ගැටී සටන් කළ ...

Read More »

යූ.එන්.පී.යත් සමග ඞීල්දමා ශ්‍රීලනිපය විනාශ කළේ මෛත්‍රීපාල සිරිසේන

යූ.එන්.පී.යත් සමග ඞීල් ගහන්නේ තමන් නොව මෛතී‍්‍ර ඇතුඵ යහපාලන නඩය බවත් බදුල්ලෙන් දෙවෙනිදා ඇරබෙන්නේ ආණ්ඩු විරෝධී කුමන්ත‍්‍රණයක් නොවේ ආණ්ඩු විරෝධී ජනතා අරගලයක් බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පල කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී ගම්පහ පලාත් පාලන ආයතන ප‍්‍රධානීහු අවධාරණයි කළා. ගම්පහ පලාත් පාලන මන්තී‍්‍රවරුන් 230න් 215ක් අප ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද රාජපක්ෂ ...

Read More »

යහපාලනය විගණකාධිපතිට බලපෑම් කරනවා

විගණන ප්‍රතිපත්ති හා මහ බැංකු අධිපති සිදු කළ බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ වලදී ආණ්ඩුව විගණකාධිපතිට බලපෑම් එල්ල කරන් බව මහාචාර්ය ජී. එල් පීරිස් පවසනවා. පසුගිය සිකුරාදා විගණකාධීපතිවරයා මුදල් අමාත්‍ය රවී කරුණායක විසින් අමාත්‍යාංශයට ගෙන්වීම නිල වශයෙන් එල්ල කළ බලපෑමක් බව ඔහු පවසනවා. මේ චෝදනාවලට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යාංශය ...

Read More »