ශ්‍රි ලංකාවේ යුක්තිය පසිදලන ඉහලම පුටුවේ සිටින්නේ මානසික රෝගියෙකු නම් එය බරපතල තත්ත්වයකි.ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ඉහළම ධුරය වන අගවිනිසුරු ධුරයට ප්‍රීති පද්මන් සූරසේන පසුගිය කාලයේ Born Again ආගමික ව්‍යාපාරය සමග සම්බන්ධ වෙමින් ප්‍රසිද්ධියේ යාඥා කරන විඩියෝ පට සමාජයට එම තුලින් ඔහු තුල යම් මානසික ව්‍යාධියකින් පෙලෙන බවට සමාජයටද සැකයන් මතුව තිබේ. අභියාචනාධිකරණයේ සභාපති ධුරයට පත්වීමේ සිට අගවිනිසුරු ධුරය දක්වා පැමිණි ගමන පිළිබඳ ආන්දෝලනාත්මක චෝදනා රැසක් — හමුදා පුහුණුවෙන් ඉවත්වීමට බලපෑ සැබෑ හේතුව කුමක්ද? අදාළ ආයතනික ලේඛන තිබේද? ස්වාධීන පරීක්ෂණයක අවශ්‍යතාව මතුවෙයි.
අගවිනිසුරු පද්මන් සූරසේනගේ පත්වීම පිටුපස දේශපාලන බලපෑම්? කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයෙන් ඉවත්වීම පිළිබඳ චෝදනාවත් යළි කරළියට!
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ඉහළම ධුරය වන අගවිනිසුරු ධුරයට ප්‍රීති පද්මන් සූරසේන මහතා පත්කිරීම සම්බන්ධයෙන් 2025 වසරේදී පළවූ විවේචනාත්මක ලිපියක්, අධිකරණ ස්වාධීනත්වය, දේශපාලන බලපෑම් සහ විනිසුරුවරුන් පත්කිරීමේ විනිවිදභාවය පිළිබඳ වැදගත් ප්‍රශ්න ගණනාවක් මතු කරයි.මෙම ලිපියේ විශේෂ අවධානයට ලක්වන කරුණක් වන්නේ සූරසේන මහතා තරුණ අවධියේදී කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයෙන් ඉවත් වූ බවටත්, එම ඉවත්වීමට සෞඛ්‍යමය හේතු බලපෑ බවටත් ඉදිරිපත් කර ඇති චෝදනාවයි.
මෙම විමර්ශනයේදී සොයාගත් වැදගත් මූලාශ්‍රයක් වන්නේ බ්‍රිතාන්‍යයේ Epistle News වෙබ් අඩවියේ පළවූ Padman Surasena: The Politicised Judge Unfit for Chief Justice නමැති විවේචනාත්මක ලිපියයි. එම ලිපියෙහිද සූරසේන මහතා කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයෙන් මානසික සෞඛ්‍ය හේතු මත ඉවත් කළ බවට චෝදනාවක් සඳහන් වේ.එම නිසා මෙම චෝදනාව පිළිබඳව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් නිල පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීම විමර්ශනයක ඊළඟ වැදගත් පියවර විය යුතුය.
කෙසේ වෙතත්, ඔහු මානසික සෞඛ්‍ය හේතු මත ආරක්ෂක විද්‍යාපීඨයෙන් ඉවත් කළ බව සනාථ කරන වෛද්‍ය වාර්තාවක්, නිල ඉවත්කිරීමේ නියෝගයක් හෝ වෙනත් ප්‍රාථමික ලේඛන මේ වනවිට සම්පූර්ණයෙන්ම ඉවත්කර ඇති අතර පිටපත් කිහිපයක් පමණක් දැනට සුරක්ෂිතව තිබේ. ඒ අනුව වහාම ස්වාධීනව පරීක්ෂාවක් කළ යුතු චෝදනාවක් ලෙස මෙය සැලකිය යුතුය.
කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයෙන් ඉවත් වූයේ ඇයි?
පද්මන් සූරසේන මහතා තරුණ අවධියේදී කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයෙන් මානසික සෞඛ්‍යයට අදාළ හේතු මත ඉවත් කරනු ලැබූ බවට චෝදනාව සම්බන්ධයෙන් පිළිතුරු සේවිමට නම් අනිවාර්යයෙන්ම විසදාගත යුතු කරුණු කිහිපයක් තිබේ. එනම්
-
සූරසේන මහතා කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයට ඇතුළත් වූ වර්ෂය සහ ඔහුගේ පුහුණු හෝ සේවා තත්ත්වය කුමක්ද?
-
ඔහු ස්වේච්ඡාවෙන් ඉවත් වූයේද, නැතහොත් ආයතනික තීරණයක් මත ඉවත් කරනු ලැබුවේද?
-
ඉවත්කිරීමක් සිදුවූයේ නම් එයට අදාළ නිල හේතුව කුමක්ද?
-
එවැනි තීරණයක් සනාථ කරන ආයතනික නියෝග හෝ ලේඛන පවතින්නේද?
-
අදාළ චෝදනාව සම්බන්ධයෙන් සූරසේන මහතාගේ නිල ප්‍රතිචාරය කුමක්ද?
මෙම ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමේදී පෞද්ගලික වෛද්‍ය තොරතුරු හෙළි කිරීම වෙනුවට, අදාළ ආයතනයෙන් සේවා හෝ පුහුණු ඉතිහාසය පිළිබඳ නීත්‍යනුකූලව ලබාගත හැකි තොරතුරු සොයා බැලීම වැදගත්ය.
මානසික සෞඛ්‍ය තත්ත්වයක් පැවතීම පමණක් පුද්ගලයෙකු අධිකරණ ධුරයකට නුසුදුසු බවට සාක්ෂියක් නොවන බව අප පිලිගනිමු නමුත් වර්තමාන රාජකාරි හැකියාවට අදාළ විශ්වාසදායක සාක්ෂි අවශ්‍ය වේ.
එබැවින් මූලික මාධ්‍ය ප්රශ්නය විය යුත්තේ: පද්මන් සූරසේන මහතා කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ පුහුණුව ලැබුවේද, එසේ නම් එම පුහුණුව අවසන් වූයේ කුමන නිල හේතුවක් මතද?
අභියාචනාධිකරණයේ සභාපති ධුරයට පත්වීම පිළිබඳ චෝදනා
සූරසේන මහතාගේ අධිකරණ වෘත්තීය ගමන පිළිබඳවද අපට දැඩි විවේචනයක් තිබේ. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් තමන්ගේ ධුර කාලය වසර 2කින් ඉහල දමා ගැනිමේ සමස්ථ මෙහෙයුම තුලම සුරසේනගේ ක්‍රියාකලාපය දැඩි නින්දා සහගතය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමයේ සූරසේන මහතා අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස පත්කිරීමේදී ජ්‍යෙෂ්ඨත්වය සහ සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවූ බව නොරහසකි.විශේෂයෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීම සම්බන්ධ නිර්දේශයක් ඉදිරිපත් කළ ජනාධිපති කොමිසමක සූරසේන මහතා කටයුතු කිරීම සහ පසුව ඔහුට ලැබුණු උසස්වීම් අතර දේශපාලන සම්බන්ධතාවක් තිබූ බව ඔනැම කෙනෙකු දන්නා කරුණකි.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධ පාර්ලිමේන්තු විමර්ශනයේදී සූරසේන මහතාගේ භූමිකාව පිළිබඳවද චෝදනා තිබේ.එහිදි සූරසේන මහතා සහ සභානායක බිමල් රත්නායක මහතා අතර දේශපාලන අවබෝධයක් ඇතිවූ බවද නොරහසකි.තවද, විමර්ශනයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් පූර්ව එකඟතාවක් පැවති බවටද චෝදනා තිබේ.
ආගමික සම්බන්ධතා පිළිබඳ ආන්දෝලනය
සූරසේන මහතා Born Again ක්‍රිස්තියානි ආගමික ව්‍යාපාරයට සම්බන්ධ බවත්, Brookside Community Church සමඟ සබඳතා පවත්වන බව දැන් රටේ ජනතාවට දැන් නොරහසකි.එසේම ඔහුගේ පත්වීමට බෞද්ධ සහ රෝමානු කතෝලික ආගමික නායකයන් විරෝධය පළ කළ බවද අපට වඩා හිටපු සහ වත්මන් ජනාධිපතිවරුන් මෙන්ම අධිකරණ ඇමතිවරුන්ද හොදින්ම දනී.ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආගමික නිදහස පිළිගන්නා බැවින් විනිසුරුවරයෙකුගේ ආගමික විශ්වාසය පමණක් ඔහුගේ ධුරයට නුසුදුසුකමක් නොවේ. විමර්ශනය කළ යුතු වන්නේ ආගමික හෝ දේශපාලන සම්බන්ධතා ඔහුගේ නිල තීරණවලට අනිසි බලපෑම් කර තිබේද යන්නයි.එය මෑත කාලයේ ගත් තීන්දු වලින් මැනවින් පෙනෙන්නට තිබේ. එය ජනතාවට තවත් තහවුරු කර ගැනිමට අවශ්‍ය නම් ඉරිදට, බොරැල්ලේ “Brookside Community Church නිවස , 374, ලෙස්ලි රනගල මාවත,කොළඹ 08” ලිපිනයට ගොස් දැසින් දැකගත හැක.
Brookside Community Church සහ Born Again යන සංකල්පය අතර ඇති සම්බන්ධය, සාම්ප්‍රදායික ක්‍රිස්තියානි දේවධර්මය තුළ මුල් බැස පවතී; විශේෂයෙන්ම එය ආධ්‍යාත්මික පරිවර්තනය, ප්‍රජා සබඳතා සහ සභා සාමාජිකත්වය යන කරුණු හා සම්බන්ධ වේ.මේ අනාගමික ව්‍යාපාර දෙකම එකම මුල්‍ය අරමුදලක් යටතේ පවත්වාගෙන යන එවා වේ.
අවසානයේ ඉතිරි වන ප්රශ්නය
අගවිනිසුරුවරයෙකුගේ වෘත්තීය සුදුසුකම්, පත්වීම් ක්‍රියාවලිය සහ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳව ප්‍රශ්න කිරීම මහජන අවශ්‍යතාවකි.එහෙත් සූරසේන මහතා කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයෙන් ඉවත් කළ බවටත්, එය මානසික සෞඛ්‍ය හේතු මත සිදුවූ බවටත් පළවූ ප්‍රකාශය සත්‍යයක් ලෙස තීරණය කිරීමට දැනට පවතින සාක්ෂි ප්‍රමාණවත් නොවේ නම් වහාම පාර්ලිමේන්තුවේ විශේෂ කමිටුවක් කැදවිමට ඉල්ලිමට වැඩකට නැති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හැකිය.එය සිදුනොවන බව ඉතාම පැහැදිලිය එසේනම් සිංහල බෞද්ධයාගේ බහුතර ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයන්ට මේ මුලධර්මවාදින්ට එරෙහිව සටන් කිරිම සදහා බලපෑම් කිරිමේ අයිතිය ජනතාව සතුව තිබේ. දැන් ඇත්තේ ජනතාවගේ වාරයයි. නිහඬව මිය යනවාද? ශක්තිමත්ව සටන් කරනවාද යන්න ජනතාව විසින් තෝරාගත යුතුය.
~ පණ්ඩුක හේරත් ~

