Uncensored News Of The Sri Lankan Regime

Advertisement

දිවුලපිටිය STF මෙහෙයුමෙන් එජාප පාතාල මන්ත්‍රී අනාවරණය වෙයි….

දිවුලපිටිය හේන්පිට ගෙදර ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය හා පාතාල සාමාජිකයන් පිරිසක් අතර ඇති වු වෙඩි හුවමාරුවකදී පතාල සාමාජිකයෙක් මිය ගිය අතර එම පිරිස අතර සිට අත් අඩංගුවට ගත් 6 දෙනෙකු අතර එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගුගේ නැමත්තා ද සිටින බව පොලිසිය අනාවරණය කරනවා.

අදාළ පාතාල කණ්ඩායම කිසියම් සංවිධානාත්මක මැර ක්‍රියාවක් සදහා යමින් සිටියදි විශේෂ කාර්‍ය බලකායට STF ලැබුනු තොරතුරක් මත අදාල මෙහෙයුම දියත් කර තිබේ.

මේ අතර දිවුලපිටියේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවු වෙඩි හුවමාරුවේදි අත්අඩංගුවට ගත්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගුගේ, වත්තල පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී ජීව උණ්ඩ 115ක්, වෙඩි නොවදින කබායක් හා පිස්තෝල රඳවනයක් සොයා ගෙන ඇති අතර මන්ත්‍රීවරයාගේ බිරිදත් පොලිස් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාතාල මේහෙයුම සම්බන්ධයෙන් තොරතුරු රැසක් බලාපොරොත්තු වන්න