Uncensored News Of The Sri Lankan Regime

Advertisement

රත්තරං අස්පයෝ…ලැම්බෝගිනී නෑ… මෛත්‍රීට හෙලිකොප්ටර දෙකක්! රනිල්ට ලක්‍ෂ තුන්දාහක කාර් දෙකක්! වෙනස සෑපද…..?

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන දැන් ගමන් බිමන් යන්නේ හෙලිකොප්ටර දෙකකින් බවත් එකක් ලක්‍ෂ තුන්දාහක් වන කාර් දෙකක් අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් ගෙන්වා ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර දිසානායක අනාවරණය කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා සදහන් කර සිටියේ

“මහින්ද රනිල් මෛත‍්‍රී කියන්නෙ පක්‍ෂ තුනක් නොවෙයි. ඒගොල්ල එකට ඉන්නෙ.දැන් මෛත‍්‍රිපාල මහත්තයත් හෙලිකොප්ටර් දෙකක යන්නේ උඩින්.රනිල් වික‍්‍රමසිංහ මහත්තය මේ ලගදි කාර් දෙකක් ගෙනාව. ලක්‍ෂ පන්දාස් නවසිය අනූ තුනයි. සාමාන්‍යයෙන් පන්දහෙ කොලවලින් බැලුවොත් පන්දාහෙ කොල ලක්‍ෂයයි.එක බන්ඩලේකට ගැහුව කියල හිතමු පන්දහෙ කොල සීයක්. බණ්ඩල දාහක්.”

“ගම්වල තියෙනව නෙද මෝඩ ගඩොල් පෝරණු. ආං ඒ පෝරණුවක් සයිස් පන්දහෙ කොල.ගෙනාවෙ මොනවද කාර් දෙකක්. ලක්‍ෂ තුන්දහයි එක කාර් එකක්”