Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මෛත්‍රී යලි පොදු අපේක්ෂකයා කරන්න කිසිදු සාකච්ඡාවක් කර නෑ… ලංකාදීපයේ මාධ්‍යවේදීනීය අතේ පැලවෙන බොරු ලියලා

Published on: Oct 7, 2018- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස නම් කිරීම සම්බන්ධයෙන් කිසිඳු සාකච්ජාවක් කර නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.

එක්සත් ජාතික පක්ෂය මෙලෙස පවසන්නේ “ජනපති යළිත් පොදු අපේක්ෂකයා කරන්න, ශ්‍රීලනිප-එජාප ඇමති සාකච්ජාවක්” යන්නෙන් අද(7) ඉරිදා ලංකාදීප මුල් පිටුවේ පළවූ පුවත පිළිබඳව ස්ථාවරය පැහැදිලි කරමිනි.

මෙම අදාළ පුවත පුවත්පතට සැපයු මාධ්‍යවේදිනියට 16 කණ්ඩායම නියෝජනය කරන ජනපතිට හිතවත්ම මන්ත්‍රීවරයකු විසින් දුන් බොරු තොරතුරක් මත මේ පුවත ලියා ඇතැයි දැනට විදේශ ගතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙක් අප සමග සදහන් කලා.

සරත් ෆොන්සේකා මහතා ජනාධිපති වුවහොත් උතුරට ස්වයංපාලනයක් ලබාදෙන බවට ආර්.සම්බන්ධන් මහතා පැවසියයි 2010 වසරේ දී ද මේ මාධ්‍යවේදිනිය විසින්ම බොරු පුවතක් නිර්මාණය කරතිබු බවද එජාප ජෙෂ්ඨයා මෙහිදී සිහිපත්කර සිටියා.