Uncensored News Of The Sri Lankan Regime

Advertisement

රනිල් මනමේ රඟයි… විපක්ෂ නායකත්වය සජිත්ට.. නායකත්වය ගැන තීරණයක් ගන්න සති 2ක්…

Published on: Dec 5, 2019 – අප ඊයේ (04) අනාවරණය කල පරිදිම රනිල් වික්‍රමසිංහ අද මනමේ නාටකය රඟපා තිබේ.

ඒ අනුව අද (05) පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ බලපෑම මත විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස නම් කිරීමට රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ.එම තීරණය සම්බන්ධයෙන් එජාප මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් කතානායක වරයාට ද දැනුම් දි තිබේ.

අද පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා සිදුවු අතර ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට තවත් කාලය අවශ්‍ය බවයි රනිල් පාර්ශ්වය පෙන්වා දි ඇත්තේ.කෙසේවෙතත් එම කාලය සති දෙකකට සීමා කරන ලෙස සජිත් කණ්ඩායම ඉල්ලා තිබේ.

ඒ අනුව ඉතා ඉක්මනින්ම පක්ෂ නායකත්වය සජිත්ට ලබාදිමට කටයුතු කලයුතු බව පෙන්වා දි ඇති පාර්ලිමේන්තු බහුතර කණ්ඩායම එසේ නොමැතිනම් පක්ෂ නායකත්වයට කරූ ජයසුරිය පත්කර සජිත් නියෝජ්‍ය නායකත්වය ලබාදිමටද යෝජනා කර තිබේ.

කෙසේවෙතත් පක්ෂයේ මහා ලේකම් ඇතුලු ඉහල තනතුරු සජිත් ප්‍රේමදාසට අවශ්‍ය අකාරයට පත්කිරිමට බලය අවශ්‍ය බවද ඔහුන් පෙන්වා දි තිබේ.