Uncensored News Of The Sri Lankan Regime

Advertisement

රනිල්ට බෑ කියා වසර තුනකට පසු රාජ්නාත් ආවේ ඇයි! JVP,NPP ගැන ඉන්දීය සැකය මෙන්න! මහාසාගර් මත පාවේන පාණ්ඩුව!

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව සිටි 2023 සැප්තැම්බර් 2 සහ 3 දිනවලදී Rajnath Singh (රාජ්නාත් සින්හ්) කොළඹට දෙදින සංචාරයක් සදහා සුදානමින් සිටියද අවසන් මොහොතේ නිෂ්චිත හේතුවෙක් නොදක්වමින් එම සංචාරය කල් දැමිමට ඉන්දීයාව කටයුතු කරනු ලැබුවා.

මෙම සංචාරය 2023 සැප්තැම්බර් 2 සහ 3යන දින වල සිදුකිරිමට නියමිතව තිබු නමුත් සැප්තැම්බර් 1 දින කොළඹ ඉන්දියානු තානාපති නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කර තිබුනෙ එම සංචාරය අවලංගු කල බවයි. ඒ සංචාරයට පැය 6ක් පමණ ඉතිරිව තිබියදිය. අවලංගු කිරිමට නිශ්චිත හේතුවක් නොදැක්වු තානාපති කාර්‍යාලය ශ්‍රී ලංකාවේ පැවති අස්ථිර කාලගුණ තත්ත්වයම හේතුව ලෙස සඳහන් කර තිබුනා.

නමුත් මෙම සංචාරය සැලසුම් වූ කාලයේදී, චීනය තම Yuan Wang 6 පරීක්ෂණ නෞකාව කොළඹ වරායට ගෙන ඒමට අවසර ඉල්ලා තිබුණි. ඉන්දියාව එය දැනුවත් වූ අතර, ඉන්දියානු පීඩනයන් හේතුවෙන් රනිල් වික්‍රමසිංහ රජය එම නෞකාවට අවසර නොදි සිටි අතර චීන පරීක්ෂණ නෞකා පිළිබඳ ගැටළු කොළඹ–නවදිල්ලි ආරක්ෂක සබඳතා අස්ථිර කළ අවස්ථාවකදී මෙම සංචාරය සැලසුම් කර තිබුණි.

මෙම අර්බුදයන්ට පසු, 2023 දෙසැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ සියලු විදේශීය පරීක්ෂණ නෞකා සඳහා වසරක තහනමක් පැනවීමෙන් තාවකාලික විසඳුමක් ලබාදුන් අතර 2024 අවසානයේ එම තහනම අවසන් විය. කෙසේවෙතත් ජනාධිපති අනුර කුමාර දිසානායක එය මේ දක්වා දිගු කිරිමට කටයුතු කර තිබුනේ නෑ.

මේ සම්බන්ධයෙන් නවදිල්ලිය ශ්‍රි ලංකා ජනාධිපතිවරයාගෙන් අවස්ථා ගණනාවකදි විමසිම් කර තිබු අතර එම සෑම අවස්ථාවකම ශ්‍රි ලංකා ජනාධිපතිවරයා පවසා ඇත්තේ විදේශීය නෞකා සඳහා නව ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් සකස් කරමින් සිටින බවයි.මැතකදි අදාළ සැලසුම සම්බන්ධයෙන්නවදිල්ලිට වාර්තාවක් ශ්‍රි ලංකා රජය වෙනුවෙන් ජනාධිපතිවරයා සපයා තිබුනද එය නිශ්චිත පැහැදිලි කිරිම් වලින් තොර එකක් බව ඉන්දීයව යලී දැනුම් දි තිබේ.නමුත් එය මෙතෙක් ක්‍රියාත්මක කිරිමට හෝ පාර්ලිමේන්තුවට, මහජනතාවටද ප්‍රකාශ කර නෑ

“ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමියේ ඉඩක් නෑ” – ජනපති පති අනුර කුමාර දිසානායක

ඒ ඉතිහාස කතාවය …. මේ වර්තමානයයි ….

“ශ්‍රී ලංකා භූමිය හෝ මුහුද වෙනත් රටකින් ඉන්දියාවට විරුද්ධ ලෙස භාවිතා කිරීමට ඉඩ නොදෙනු ඇත” යන සහතිකය නැවතත් තමන් විසින් ශ්‍රි ලංකා ජනාධිපතිවරයා හරහා තහවුරු කරගත් බව ශ්‍රි ලංකාවේ සංචාරය අවසන් කිරිමටත් පෙර ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සින්හ් ඉන්දීය මධ්‍යම රජයට දැනුම් දිමක් සිදුකර ඇති බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

2024 අවසානයේදී ජනාධිපති අනුර කුමාර විසින් නවදිල්ලියට ලබාදුන් සහතිකයද මෙයම විය.මෙම සහතිකය නැවත නැවත තහවුරු කර ගැනීමට ඉන්දියාව උනන්දුවෙන් සිටී බව නොරහසකි. මන්ද, ගෝලීය බලපෑම් වෙනස් වීමෙන් ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති වෙනස් විය හැකි බව ඉන්දියාව සැක කරයි. වත්මන් රජය චීන-සහජ බවට සැලකුණද, ආර්ථික තත්ත්වය හේතුවෙන් ඇමරිකාව සහ ඉන්දියාව සමඟ වැඩ කිරීම අත්‍යවශ්‍ය විය.

ඉන්දියාවට පෙනෙන්නේ සහ ඉන්දීය රාජ්‍ය ලේඛණ වලට අනුව ශ්‍රී ලංකාව ඉන්දියානු ප්‍රශ්නවලදී හදිසියේම තීරණ වෙනස් කළ හැකි රටක් ලෙස සලකණු ලබයි.සියල්ලටම වඩා වත්මන් කොමියුනිස්ට් කණ්ඩායම දැඩි ඉන්දීය විරෝධීන් විමත් එහි ප්‍රධාන පාර්ශවය වන NPP චීන සම්භවයක් සහිත විමත් ඉන්දියාවේ එම සැකය තීව්‍ර කිරිමට සමත් ව තිබේ.

එම නිසාම මහාසාගර් මෙහෙයුමක නිරතව සිටින ඉන්දියාවටඅවදානමක් ගැනිමට සුදානම් නැත. සින්හ්ගේ සංචාරය ඉන්දියාවේ ආරක්ෂක අභිලාෂයන් තහවුරු කර ගැනීමට යොමු වි ඇති බව ඒඅනුව ඉතාම පැහැදිලිය. විශේෂයෙන් ත්‍රිකුණාමලය පිළිබඳ ඉන්දියාවේ අවධානය තවදුරටත් ශක්තිමත් විය හැක.

MAHASAGAR- මහාසාගර් -ඉන්දු-පැසිෆික් සහ ගෝලීය දකුණ හරහා ආරක්ෂාව, ආර්ථික සහයෝගීතාව සහ හවුල්කාරිත්වයන් පුළුල් කිරීම සඳහා නිර්මාණය කර ඇති ඉන්දියාවේ උපායමාර්ගික සමුද්‍රීය මූලධර්මය සහ විදේශ ප්‍රතිපත්ති දැක්මයි.

ඉන්දියාවට, ශ්‍රී ලංකාවේ පිහිටුවීම ප්‍රමුඛ නොවෙයි. නමුත් ශ්‍රී ලංකාව වෙනත් රටකින් ඉන්දියාවට විරුද්ධ ලෙස භාවිතා නොවීම තහවුරු කර ගැනීම ඔහුන්ට වැදගත් වනු ඇත.අතොරක් නොමැතිව වත්මන් ශ්‍රි ලංකා රජය රවටවල් සමග ගිවිසුම් ඇතිකර ගැනිම එම තහවුරුවට වැදගත් බව ඉන්දියාව දනී.

චීනය ඇතුළු රටවල් බහුතරයක් ශ්‍රී ලංකාව සමඟ ආරක්ෂක සබඳතා වර්ධනය කරයි. පකිස්ථානය, තුර්කිය, සවුදි අරාබිය වැනි රටවල්ද ඉන්දියාවට අභියෝග වන ක්‍රියාමාර්ග ගනී.අලුතින් තුර්කිය–පකිස්ථානය–සවුදි අරාබිය අතර ඇති වූ ආරක්ෂක ගිවිසුම අනුව, එක් රටකට එල්ලෙන ප්‍රහාරයක් අනෙක් රටට එල්ලෙන ප්‍රහාරයක් ලෙස සැලකේ. එය ඉන්දියාවට අභියෝගයකි. මන්ද, තුර්කිය සමඟ දේශපාලන ගැටළු තිබුණද, සවුදි අරාබිය සමඟ ආර්ථික සහ ආරක්ෂක සබඳතා ශක්තිමත්ය.

තුර්කිය ශ්‍රී ලංකාවට ඩ්‍රෝන විකිණීමට උත්සාහ කරයි. පකිස්ථානය බෙංගාල බෙයිහි තම ජලාශ්‍ර යාත්‍රාව නවතා ගැනීමට උත්සාහ කරයි. චීනය කොළඹේ පරිවහන ඩ්‍රෝන සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කරයි. මෙම තොරතුරු, AI තාක්ෂණය, දත්ත ආරක්ෂාව වැනි කරුණු ඉන්දියාවට සැලකිල්ලක් දක්වමින් සිටි.

රනිල්ට බෑ කියා වසර තුනකට පසු ඔහුගේ සංචාරය නැවත සැලසුම් වීම මෙවැනි ගෝලීය–ප්‍රාදේශීය ගැටළු මත පදනම්වය. ඒ සදහා වැඩගත හැකි තමන්ට ගල්ගැසු කණ්ඩායමක් රටේ ආණ්ඩු කිරිමද ඉන්දියාවට පහසුවක්ද වි තිබේන බව පෙනේ සියල්ලටම වඩා රාජ්‍යතාන්ත්‍රික මට්ටමේදි වත්මන් ශ්‍රි ලංකා ආණ්ඩුව දක්වන අලස මෙන්ම අත්දැකීම් නොමැති කල ඉන්දියාවට නැංගුරමක් වි අවසන්.

~පණ්ඩුක හේරත්~

Leave a Reply

Your email address will not be published. Required fields are marked *