ශ්‍රී ලංකාව තම ආරක්ෂක හැකියාවන් ශක්තිමත් කිරීම සහ සයිබර් ආරක්ෂක යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහා NATOනේටෝව සමඟ ගැඹුරු සහයෝගීතාවයක් ඉල්ලා පසුගිය අගෝස්තු 31 වන දින කැනඩාවේ වික්ටෝරියා හි 28 වන ඉන්දු-පැසිෆික් ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුවේන් පසු කල ඉල්ලිම සම්බන්ධයෙන් ඉන්දීයාව සිය බරපතල අවධානය යොමුකර තිබෙන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරනය කරනවා.
විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, අගෝස්තු 31 වන දින කැනඩාවේ වික්ටෝරියා හි 28 වන ඉන්දු-පැසිෆික් ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුවට සමගාමීව නේටෝ හමුදා කමිටුවේ සභාපති අද්මිරාල් Giuseppe Cavo Dragone හමුවි ඇති අතර එහිදි එම ඉල්ලිම ඉදිරිපත් කර ඇති බව අනාවරණය වි තිබේ.
ශ්‍රී ලංකාව ආරක්ෂක අංශ වැඩිදියුණු කිරීම් සහ සයිබර් හැකියාවන් සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය සමඟ සහයෝගී සබඳතා පුළුල් කිරීමට අදහස් කර ඇති බවත් ස්ථාපිත ආරක්ෂක ආයතන සමඟ හවුල්කාරිත්වයන් හරහා ආරක්ෂක ක්ෂේත්‍රවල ජාත්‍යන්තර විශේෂඥතාව උපයෝගී කර ගනිමින් කොළඹ සිය සන්නද්ධ හමුදා වැඩිදියුණු කිරීමට ඇති කැපවීම මෙහිදි අවධාරණය කර තිබේ.මිට අමතරව යෝජිත සහයෝගීතා රාමුව උපකරණ වැඩිදියුණු කිරීම්, පුහුණු වැඩසටහන් සහ තාක්ෂණ හුවමාරු විධිවිධාන ඇතුළුව හමුදා නවීකරණයේ විවිධ මානයන් ඇතුළත් වේ. සයිබර් ආරක්ෂක හැකියාවන් ශක්තිමත් කිරීම විශේෂ ප්‍රමුඛතාවයක් නියෝජනය කරන බවද පෙන්වා දී තිබේ.
යෝජිත නේටෝ සහයෝගීතා යාන්ත්‍රණවල විෂය පථය සහ කාලරාමුව පිළිබඳ නිශ්චිත විස්තර තවමත් අනාවරණය කර නොමැත. කෙසේ වෙතත්, මෙම මුලපිරීම කොළඹ සහ නේටෝ සාමාජික රටවල් අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික මාර්ග සහ විධිමත් උපදේශන ක්‍රියාවලීන් හරහා සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ලංකාවේදි ඉන්දීයාවෙන් ප්‍රශ්ණ කිරිමක්!
මේ අතර එම ඉල්ලිම සම්බන්ධයෙන් මේ වනවිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉන්දීය ආරක්ෂක අමාත්‍ය Rajnath Singh, ජනාධිපතිවරයාගෙන් සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගෙන් පෞද්ගලිකලිකවම කරුණු විමසනු ඇති බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළේ. ඒ සම්බන්ධයෙන් ඉන්දිය ආරක්ෂ අංශ තුලද සංවාදයක් මතුවි ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකාව ඉන්දියානු මහසාගර ප්‍රදේශයේ සංකීර්ණ භූ දේශපාලනික ගතිකතා අතරින් ගමන් කරමින් සිටින මේ අවධියේ නාටෝ සමඟ ඇතිවන සම්බන්ධතාවය වැදගත් තත්ත්වයක් ලෙස පෙනේ. දේශපාලනික හා සයිබර් ආරක්ෂාව ඇතුළු සම්ප්‍රදායික හා අධුනික ආරක්ෂක අභියෝගයන්ට ප්‍රතිචාර දීමට ශ්‍රී ලංකාවට හැකිවන ලෙස ස්ථාවරතාවය පවත්වා ගැනීමට මෙවැනිමය ආරක්ෂක හවුල්කාරිතාවන් ඉතා වැදගත් යැයි ශ්‍රි ලංකාව සලකන බව පෙනෙන්ට ඇති බව ඉන්දීය ආරක්ෂක විශේෂඥන්ගේ අදහස වි ඇත්තේ.



















Leave a Reply