Uncensored News Of The Sri Lankan Regime

Advertisement

හිවල් මෛත්‍රීගේ කිඹුල් කඳුළු- මහින්ද අගමැති අපේක්‍ෂකයා නොකිරිමේ රහස(Video)

පසුගිය දිනෙක එක්සත් සංධානයේ නායකයන් මෛත්‍රිපාල සිරිසේන මුණගැසුනු අවස්ථාවක ඔහුන් ඉදිරියේ කිඹුල් කඳුළු හලමින් කපටි හිවලෙකු මෙන් පවසා ඇත්තේ එංගලන්තය, ඇමරිකාව, කැනඩාව, යුරෝපා සංගමය ඇතුළු බටහිර රටවල් හා ඉන්දියාව තමන්ට මහත් බලපෑම් කරන බව ය. 

ඒ රටවල් වඩා විශ්වාසය තබන්නේ රනිල් වික්‍රමසිංහ කෙරෙහි බවත් මහින්ද රාජපක්‍ෂ හා ගෝඨභය රාජපක්‍ෂ ඇතුළු හතළිස් එක් දෙනකුට යුද්ධාපරාධ පිළිබඳ නඩු විභාග කළ යුතු යැයි ඒ රටවල් කියන බවත් මෛත්‍රිපාල සංධාන නායකයන්ට පවසා තිබේ.

එමෙන් ම මීළඟ ඡන්දයෙන් පසුව ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට බලපෑම් ඇති බවත් මෛත්‍රිපාල පිළිගෙන ඇති අතර  එයින් වක්‍රව කියැවෙන්නේ ලබන මැතිවරණයෙන් පසුව ද රනිල් අගමැති කළ යුතු බවට බලපෑම් ඇති බව ය. මහින්ද අගමැති අපේක්‍ෂක ලෙස නම් නොකරන්නේ ඇයි ද යන්න දැන් පැහැදිලිය. ඊයේ ස්වර්ණවාහිනී නාලිකාවේ රාජ්‍ය සේවය පිණිසයි වැඩසටහනට එක්වෙමින් විමල් විරවංශ මන්ත්‍රිවරයා හිවල් මෛත්‍රීගේ නාටකය පැහැදිලි කල අයුරු.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com