Uncensored News Of The Sri Lankan Regime

Advertisement

රූපවාහිනියට පඩි ගෙවන්න සතේ නෑ…අලි පෙන්වන්න මිලියන 1.5ක් පුජාකරලා

සේවක සේවිකාවන්ට වැටුප ගෙවා ගැනීමටවත් නොහැකිව පාඩු ලබමින් සිටින ජාතික රූපවාහිනිය මිහින්තලේ පෙරහැරට අලි ලබාගැනීමට රුපියල් ලක්ෂ 15ක් ගෙවා ඇති බව වාර්තා වේ.

වර්තමාන පාලනාධිකාරිය යටතේ දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින ජාතික රූපවාහිනිය සේවක සේවිකාවන්ට වැටුප් ගෙවීමට ද මුදල් නොමැති තරම් පරිහානියකට පත්ව තිබේ.

ජාතික රූපවාහිනියේ සේවක සේවිකාවන්ට වැටුප් ගෙවීම සඳහා මසකට රුපියල් මිලියන 60ක පමණ මුදලක් අවශ්‍ය වන අතර පසුගිය මාසයේ වැටුප් ගෙවීම ද මුදල් නොමැතිකමෙන් ප්‍රමාද විය.

එසේ වුව ද ජාතික රූපවාහිනියේ පාලනාධිකාරියේ නාස්තිකාර වියදම්වල නම් කිසිදු අඩුවක් නොමැති අතර මීට පෙර කරන ලද මාර්ග ආරක්ෂක ව්‍යාපෘතිය සහ පරිසර ව්‍යාපෘතිය සඳහා ද රුපියල් මිලියන ගණන් නාස්ති කරන ලද බවට සේවකයෝ චෝදනා කරති.

http://www.sinhala.lnwtoday.com/archives/14256