Uncensored News Of The Sri Lankan Regime

Advertisement

අනුන්ගේ මාල තමන්ගෙ වගේ උගස්කල නව පරපුරේ නිලිය!

නව පරපුරේ නිලියක් වන හර්ෂි රසංගා තම හිතවතෙක්ගෙන් ලක්ෂ 9 කට අධික වටිනාකමකින් යුත් රන් මාලයක් ලබාගෙන එය නැවත ලබා නොදී හිමිකරුගේ අනුදැනුමකින් තොරව බත්තරමුරමුල්ල LB Finance ශාඛාවට උකස් තබා ලක්ෂ 6 ක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් රන් මාලයේ හිමිකරු කරන ලද පැමිණිල්ලකට අදාලව අද දිනයේ තලංගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලා අංශය මගින් අත්තඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී සැකකාර හර්ෂි රසංගා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කර සිටියේ තම සේවාදායිකාව එම මාලය උකස් කර ඇති බවත් එය බේරා ගෙන හිමිකරුට නැවත ලබාදීමට හැකියාව පවතින බවත්ය.

සැකකාරිය රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප 2ක් මත ඇප මත මුදා හැරීමට වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කලා. ඉදිරි දිනට අදාල රන් මාලය තලංගම පොලිස් ස්ථානය මගින් භාරගෙන ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියම කලා.

සැකකාර හර්ෂි රසංගාට එරෙහි නඩුව නැවත අප්‍රේල් මස 22 වන දින කැදවීමට නියමිතව ඇත.