Uncensored News Of The Sri Lankan Regime

Advertisement

තෙන්නකෝන් දණ නමයි- නන්දිමිත්‍ර මහින්ද අගමැති වන බව කියයි(Video)

නාවුල පොදු ක්‍රීඩාංගනයේ අද පස්වරුවේ (26) පැවති සන්ධාන රැස්වීමට පැමිණි  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිටි වේදිකාවට පැමිණි  හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඔහුගේ දෙපා අල්ලාගෙන ඔහුට වැඳ වැටුණේය.‘ඔබතුමාට මඟේ උපහාරය මෙයයි.‘ යනුවෙන් කී ඔහු එම වැඳුම පමණක් තම ගෞරවය පුද කිරීමට ප්‍රමාණවත් බවත් කතා නොකරන බවත් තෙන්නකෝන් මහතා කියා සිටියා.

මේ අතර ඊට සහභාගිවූ ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතාට එහි සිටි පිිරිස නොනවත්වා හූ කියන්නට වූ අතර මහින්ද රාජපක්ෂ මහතා දෑත් ඔසවා එය නවත්වන ලෙස පැමිණ සිටි පිරිසට දැනුම් දුන්නා.

හූ හඬ මැදම පැමිණ සිටි පිරිස ඇමතූ නන්දිමිත්‍ර ඒකනායක මහතා “හූ කිවු අයට ඇහෙන්නත් එක්ක මම මේ කියන්නේ, අනිවාර්යයෙන්ම අගෝස්තු 18 වැනිදාට මේ රටේ අගමැති වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නොවෙයි. මහින්ද රාජපක්ෂ මහතායි” යනුවෙන් සඳහන් කළා.