Uncensored News Of The Sri Lankan Regime

Advertisement

රනිල් පරාජයෙන් වියුරු වැටේ – මාධ්‍ය වියදම බිලියනය පනී

පරාජයෙන් වියුරු වැටි සිටින එක්සත් ජාතික පක්ෂ නායකයා මේ වනවිට එජාප මැතිවරණ ව්‍යාපාරයේ විද්යුත් සහ මුද්‍රිත දැන්විම් සදහා බිලියනය ඉක්මවා වියදම් කර තිබේන බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වර්තා කරනවා. ඉදිරි දින කිහිපය තුල එම වියදම බිලියන 3ක්ද ඉක්මවා යා හැකි බවයි අප sවාර්තාකරු සදහන් කළේ.මිට අමතරව වැඩිම වියදමක් දරමින් සිටින්නේ මුදල් අමාත්‍ය රවි කරුණානායක වන බවද ඔහු සදහන් කළා.කොළඹ දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයට පත්විම රවීගේ එකම අරමුණ වි ඇති බවත් ඒ වෙනුවෙන් ඔහු මේම වියදම් දරමින් සිටින බවද ඔහු සදහන් කළා.

මහා බැංකු කොල්ලය හරහා අර්ජුන් මහේන්ද්‍රන් යටිමඩි ගැසු ශ්‍රි ලාංකිය ජනතාවගේ මුදලින් සියයට 1.5ක මුදලක් එනම් බිලියන 6ක පමණ මුදලක් එක්සත් ජාතික පක්ෂ අරමුදට බැරකර තිබේන බව අප පසුගියදා අනාවරණය කළා.

පැවැත්විමට නියමිත මහා මැතිවරණය කෙසේ හෝ ජයගැනිම සදහා මුදල් මහා පරිමාණයෙන් අවශය බැවින් අර්ජුන් යොදවා මහා බැංකුව කොල්ල කා එම මුදල් එජාප අරමුදලට තැන්පත් කර තිබේ.

එම පුවත කියවන්න –Exclusive “මිස්ටර් ක්ලීන්” ජනතාවට කොකා පෙන්වා බිලියන් 6කට කෙලවපු හැටි