Uncensored News Of The Sri Lankan Regime

Advertisement

පාලිත තෙරුන් ලංකා හොස්පිටල් සරණ යයි

එක්සත් භික්‍ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් සියම් මහ නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රි ධර්ම මහ සංඝ සභාවේ කාරක සංඝ සභික තීනියාවල පාලිත හිමියෝ යහපාලන ඔරුවේන් නිවන් දැකිම සදහා බුද්ධ ශාසනයටත් කෙලවා ඉතිහාසයේ කිසිදු සිවුරක් දැරු භික්ෂුවක් නොකල පහත්,මජර වැඩක් කර තිබේ. ඒ  තීනියාවල පාලිත හිමියන් ලංකා හොස්පිටල් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකත්වය හරහා මාර්ග ඵල ලැබිමය.

පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් හා පුවත්පතක් සමග එක්වී සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්නේ යැයි පවසමින් එක්සත් භික්‍ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරමින් සජිත් ප්‍රේමදාස මහතාට කෙලවිමට කටයුතු කල තීනියාවල පාලිත රනිල් වික්‍රමසිංහගේ දෙඇටයම ලෙව කෑමෙ ප්‍රථිපලයක් ලෙස මෙම අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකත්වය ලැබි තිබේ.

ජනාධිපතිවරණ සමයේ ජහපාලක ලොක්කා යැයි කියාගත් බල්ලට ගිය රටේ ජනපති මෛත්‍රී කියා සිටියේ තමන් කිසිම දිනක භික්ෂුන් වහන්සේලාට අගෞරවයක්වන කිසිදු දෙයක් සිදු කිරිමට ඉඩ නොදෙන බවය.නමුත් දැන් මේ වන්නේ ඉතිහාසයේ කවරදාකවත් සිදුවු දැ නොවන බව මෛත්‍රී දැනගත යුතුය.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com