Uncensored News Of The Sri Lankan Regime

Advertisement

ධීවර අමාත්‍යාංශයේ කොමිස් ගැහිල්ලෙන් රුපියල් බිලියන 2.3ක් ධීවරයන්ට අහිමි වෙයි…

ධීවරයන්ට බහුදින යාත්‍රා සදහා තාක්ෂණ උපකරන ලබාදීමට වෙන් කළ ප්‍රතිපාදන ධීවර අමාත්‍ය මහින්ද අමරවීර සහ අමාත්‍යාංශයේ ප්‍රධානින්ගේ කොමිස් ගැහිලි හමුවේ එම මුදල් වර්ෂ අවසානයේ නැවතත් භාණ්ඩාගාරය වෙත හරවා යැවිමට සිදුව ඇති බව අනාවරණය වි තිබේ.

බහුදින යාත්‍රා 1300කට අවශ්‍ය පිහිටීම හා නිෂ්පාදනය නිරික්ෂනය කරන උපකරණ සැපයීමට වෙන් කළ රුපියල් බිලියන 2.3ක් මෙසේ නැවතත් භාණ්ඩාගාරය වෙත යවා තිබේ. ධීවර කර්මාන්තය සදහා ජාත්‍යන්තර මට්ටමෙන් පිලිගත් ප්‍රමිතීන් අතර බහුදින යාත්‍රාවල ක්‍රියාකාරිත්වය, පිහිටීම හා මත්ස්‍ය නිෂ්පාදනයේ ගුණාත්මකභාවය පවත්වාගැනීමට මෙවැනි නව උපකරණ භාවිතය අවශ්‍ය වී තිබේ.

මෙම ගැටලුව පිළිබද කළ විමසීමකදී ධීවර උපකරණ සැපයීමට නොහැකිව ඇත්තේ ඒ සදහා අමාත්‍යංශයෙන් කළ යුතු වූ ගෙවීම් ප්‍රමාද වීම නිසා බවද මේ පිටුපස කොමිස් ප්‍රශ්නයක් මතුවී ඇති බවද වාර්තා වේ. මෙම උපකරණ මිලදී ගැනීමට වෙන් කළ අරමුදල භාවිත නොකිරීම සම්බන්ධව ධීවර ඇමැති මහින්ද අමරවීර විසින් නිලධාරින්ගෙන් විමසා ඇති අතර එහිදී නිලධාරින් කොමිස් ඉල්ලීමක් පිළිබද එකිනෙකාට චෝදනා කර තිබේ. කොමිස් ගෙවීමට අකැමැතිවූ උපකරණ සැපයුම්කරුවන්ට සැපයුම් ටෙන්ඩර් ලබා නොදීම නිසා එම මුදල වියදම් නොකළ ප්‍රතිපාදනයක් ලෙස රාජ්‍ය භාණ්ඩාගාරයට හරවා යවා තිබේ.