Uncensored News Of The Sri Lankan Regime

Advertisement

චී..චී කැතයි නෝනා……. ලියවිලි දෙන්නත් කලින් හැඳුනුම්පත අරන්….මහත්තයා දන්නවාද මේ වැඩේ?

හිටපු අමාත්‍ය ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරියගේ ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට අදාළව ඇතැම් ලිපි ලේඛන පසුව ලබාදෙන පදනම මත හැඳුනුම්පත නිකුත් කරන ලෙසට හිටපු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමෙන්තුවේ බලාත්මක නිළධාරිවරයා සාක්ෂි ලබා දෙමින් අනාවරණය කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඉදිරියේ පැවති නඩු විභාගයේදි මෙලෙස සාක්ෂි ලබා දෙනු ලැබුවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමෙන්තුවේ බලාත්මක නිළධාරී පැලැද ලියනගේ ප්‍රභාත් රාජේන්ද්‍ර පෙරේරා මහතාය.

ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවේ හරස් ප්‍රශ්න සඳහා නඩුව ලබන දෙසැම්බර් මස 04 වැනිදා තෙක් කල් තැබිණි.