Uncensored News Of The Sri Lankan Regime

Advertisement

ෆෙඩරල් ව්‍යවස්ථාමය යෝජනාවලිය දිනවන්න…බැදුම්කර චෝදනාවෙන් ගලවා දෙනන්න…රනිල් මෝදිගෙන් ඉල්ලලා

Published on: Nov 16, 2017 – තමන් ඇතුළු පක්ෂ නායකයින්ට එල්ල වී ඇති බැදුම්කර දූෂණ වංචා චෝදනාවන්ගෙන් ගලවා දෙන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දීය අගමැති නරේන්ද‍්‍ර මෝදි මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

ලබන දෙසැම්බර් 8 වැනිදා නිකුත් වීමට නියමිත ජනාධිපති බැදුම්කර කොමිසමේ වාර්තාවට අනුව තම පක්ෂ නායකයින්ට යම් දඩුවමක් හිමි වුවහොත් එමගින් ආණ්ඩුව දුර්වල වීමට ඉඩ ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දීය අගමැතිවරයාට පවසා තිබේ.

එසේ වුවහොත් උතුරට සහ නැගෙනහිරට යෝජිත ෆෙඩරල් ව්‍යවස්ථාමය යෝජනාවලිය බිද වැටිය හැකි බව පෙන්වා දී ඇත. මේ නිසා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට බලපෑම් කර බැදුම්කර චෝදනාවන්ගෙන් යම් සහනයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ පසු ගියදා කළ ඉන්දීය සංචාරය අතර වාරයේදීයි.