Uncensored News Of The Sri Lankan Regime

Advertisement

ජනාධිපති ඝාතනයේ එල්එම්ජී අතේ පත්තුවේ.. සිරිසේන ඝාතන නාටකයේ රෙදි ගැලවේ..

Published on: Dec 1, 2018- ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට පුහුණුව ලබාදීමට පොලිස් ත්‍රස්ථ විමර්ශන ඒකකයේ හිටපු ප්‍රධානී නාලක සිල්වා විසින් එල්එම්ජී වර්ගයේ ගිනි අවි දෙකක් යොදාගත් බවට කරන ලද චෝදනාව ව්‍යාජ එකක් බව හෙළි වී ඇත.

ත්‍රස්ථ විමර්ශන ඒකක භාරයේ පැවති එම එල්එම්ජී වර්ගයේ ගිනි අවි දෙක පසුගිය කාලය තුළ කිසිදු වෙඩි තැබීමේ කාර්යයකට භාවිතා කර නැති බව රස පරීක්ෂක පොර්තමේන්තුව විසින් සහතික කිරීම ඊට හේතු වී තිබේ.

අදාළ චෝදනාවලින් පසු ත්‍රස්ත විමර්ශන ඒකකය සතුව තිබූ එම ගිනි අවි දෙක රස පරීක්ෂකවරයාට යොමු කිරීමෙන් පසු මෙම තහවුරු කිරීම ලැබි ඇත.

ව්‍යාජ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ කාථාව කරළියට පැමිණීමෙන් පසු ත්‍රස්ථ විමර්ශන ඒකකය එල්එම්ජී වර්ගයේ ගිනි අවි දෙකක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් එම ඒකකයට ලබා ගත්තේ ඇයි ද යන්න පිළිබඳ විශාල ප්‍රචාරයක් ලබාදුන් අතර එම ප්‍රචාරය තුළ කියවුණේ ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට එම ගිනිඅවි දෙකෙන් පුහුණුව ලාබදී ඇති බවයි.

ප්‍රභූ ඝාතන වැනි දේ සඳහා සාමාන්‍යයෙන් යොදාගතන්නේ දුර සිට සැඟවී ප්‍රහාර එල්ල කරන ස්නයිපර් වර්ගයේ ගිනි අවි වන අතර එල්එම්ජී ගිනි අවි යනු යුද පෙරමුණුවලට භාවිතා කරන ස්වයංක්‍රීය ගිනි අවියකි.

~~අනිද්දා~~