Uncensored News Of The Sri Lankan Regime

Advertisement

පොලිස් භටයන් මඩකලපුවේ දී වෙඩිතබා ඝාතනය කිරීම… ශ්‍රිලනීප ජ්‍යෙෂ්ඨ නායක කරුණාගේ වැඩක්!.. නැගෙනහිර භීතියට පත්කරන කරුණාගේ අදුරු සෙවනැලි!

Published on: Dec 2, 2018 – පොලිස් භටයන් දෙදෙනකු මඩකලපුවේ දී වෙඩිතබා ඝාතනය කිරීම ගැන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන විනායගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා සම්බන්ධයෙන් සැක පල වී ඇත.ඝාතන සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය (TNA) කරුණා පිළිබඳව බරපතල සැක මතු කර ඇති අතර

TNA මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට රාජ්‍ය බලය පැවරීමට ජනාධිපතිවරයා විසින් පියවර ගැනීමෙන් අනතුරුව විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා නිහඬව සිට නැවත ක්‍රියාකාරී වී සිටින බවයි.

“ඔක්තෝබර් 26 දා සිදුවීම් වලින් පසු කරුණා අම්මාන් එලියට ඇවිත් කතා කරන්න පටන්ගන්න තියෙනවා. අපිට තියෙන තොරතුරු අනුව ඔක්තෝබර් 26 දා සිට නැවත පණ ගසා ආ අය ගැන බරපතල සැකයක් මතු වෙනවා.”

මඩකලපුව නගරයේ සිට කිලෝමීටර් හයක් පමණ දුරින් පිහිටි වව්නතිව් සහ වලයිරවු යා කරන පාලම අසල පිහිටි පොලිස් මුරපොලක සේවයේ නිරතව සිටියදී වෙඩි තබා මරා දමා තිබු කල්මුණේ වාසී ගනේෂ් දිනේෂ් සහ ගාල්ලේ උඩුගම නිරෝෂන් දෙදෙනාගේ සිරුරු සිකුරාදා උදෑසන හමුවී තිබුනි.

භටයන් දෙදෙනාගේ ගිනිඅවිද පැහැරගෙන ගොස් ඇතැයි වව්නතිව් පොලිසිය ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පවසා තිබේ.

පොලිස් භටයන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා පොලිස්පති වරයාගේ නායකත්වයෙන් යුත් විශේෂ පරීක්ෂක කණ්ඩායමක් වව්නතීවූ වෙත මේ වන විට ලඟා වී සිටී.