Uncensored News Of The Sri Lankan Regime

Advertisement

රජ වෙන්නට පළමුව පරණ ගෝඨා එළියට…… සහය නොදක්වන මාධ්‍යවේදින්ට ප්‍රහාරයක්….

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකට සහය දක්වන හා දෙමළ සන්ධානය විවේචනය කරන පුවත් පල නොකර බවට සඳහන් කරමින් කැපිටල් එෆ්.එම්. ගුවන් විදුලි සේවයේ  ප‍්‍රවාත්ති කර්තෘවරයෙකු වන කේ.එම්. රසුල් මහතාට එහි සභාපතිවරයා පහර දී  තිබෙනවා.

ඔක්තෝබර් 16 දින අදාළ ආයතනය තුළ පැවැත්වු සාකච්ඡාවකදි කැපිටල් එෆ්.එම්. නාලිකාවේ සභාපතිවරයා වන වින්සේන්දරාජන් සතාසිවම් තමාට බැනවදිමින් තර්ජනය කළ බවත් ඉන්පසුව තමන්ට පහරදුන් බවත් රසූල් මහතා කීය.

කැපිටල් එෆ්.එම්. හිමිකරු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අංගජන් රාමනාදන්ගේ මාමණ්ඩිය වේ.

සිද්ධිය සම්බන්ධයෙන් රසුල් මහතා කිරුළපන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.