Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මෛත්‍රී අල්ලන්න චන්ද්‍රිකා,රනිල් මෙහෙයුම චකබ්ලාස් වේ

මහින්ද රාජපක්ෂ මහතාගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා අවලංගු කර ගැනිමට එක්සත් ජාතික පක්ෂ හෙංචයියන් සහ බෙදුම්වාදීන්ගේ මුදල් මත යැපෙන කණ්ඩායම් ගත් සියලු උත්සහයන් පරාජය වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කරයි.

මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබාදිමට මෛත්‍රී කටයුතු කිරිමත් සමග කුපිතවු රනිල් සහ චන්ද්‍රිකා මේ වනවිට මෛත්‍රී සම්බන්ධ කර ගැනිමට නොහැකිව ලතවෙමින් සිටින බවත් මෛත්‍රී ඔනෑකමින් රනිල් හා චන්ද්‍රිකා මගහරිමින් සිටින බවද අප වාර්තාකරු අනාවරණය කළා. හිටපු ජනාධිපතිවරිය හා අගමැතිවරයාත් කීප වතාවක් ජංගම දුරකතනය ඔස්සේ ජනාධිපතිවරයා සමග සම්බන්ධ වීමට උත්සාහ කළද එම උත්සාහයන් සියල්ල ව්‍යවර්ථ වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා කැඳවා ඔහුගෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ලබා ගන්නා ලෙසට චන්ද්‍රිකා මෛත්‍රීට පෙරේදා නියෝග කර ඇති අතර පසුව අනුර ඒ සම්බන්ධයෙන් මෛත්‍රීපාල ජනපතිගෙන් විමසා ඇති අතර එහිදි මෛත්‍රී පවසා ඇත්තේ …”එයා කියන හැමදේම කරන්න මට පිස්සුවක් ඇතැයි…”යනුවෙනි.