Uncensored News Of The Sri Lankan Regime

Advertisement

රතු අලි පැටවුගේ සමුලුවේ ක්‍රිඩාංගන වියදම අග්‍රාමාත්‍ය කාර්යාලයෙන්!

කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ අද පැවති එක්සත් ජාතික පක්ෂයේ රතු අලි පැටවුගේ සමුලුවේ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ සියලු වියදම් පියවා ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා බව සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ පාලනාධිකාරිය අනාවරණය කළා.ඒම ගෙවිම් සම්බන්ධ සියලු බිල්පත් තොරතුරු අනාවරණය කිරිමටද අප මේ වන විට කටයුතු සුදානම් කර තිබේ. මිලියනයකට ආසන්න වියදමක් මේ සදහා ගොස් ඇති අතර තවමත් එම ගණන් නිශ්චිතව ගණනය කර නොමැති අතර අදාල බිල්පත් සියල්ලම අග්‍රාමාත්‍ය කාර්යාලයේ නමට බැර වන ලෙස සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රධානී සාගල රත්නායක මහතා තමන්ට දැනුම් දුන් බවද ක‍්‍රීඩාංගණයේ පාලනාධිකාරිය සදහන් කර තිබේ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ රතු අලි පැටවුගේ සමුලුවේ විශේෂ මහා සමුළුව ස්වධීන රූපවාහිනිය හා ලකහඬ ගුවන් විදුලිය ඔස්සේ විකාශණය කිරිමට කටයුතු කළා.මිට අමතරව ලංගම බස් 600කට පමණ ආසන්න සංඛ්‍යාවක් ක්‍රිඩාංගනය අවට නතර කර තිබු අයුරුද දක්නට ලැබුනු බව අප වාර්තාකරු අනාවරණය කළා.