Uncensored News Of The Sri Lankan Regime

Advertisement

දෙමළ මව්බිම පුරා සටන් කරන්න අපි සුදානම්

බෙදුම්වාදී රටවල බලපෑමෙන් විපක්ෂ නායකත්වයට පත්ව කිසිම දිනක රට නොබෙදන බවත්, රට බෙදීමට තමන් විරුද්ධ බවත්, රට බෙදන කතාව අවශ්‍ය නැති බවත්  තැන් තැන මුසා පතුරුවන මහ කොටියා වු ප්‍රභාකරන්ගේ සුවච කිකරු ගොලයා වන සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් ජාති ඝාතනයට යුක්තිය ඉල්ලා උතුරු නැගෙනහිර දෙමළ මව්බිම පුරා සටන් කිරීමට දෙමළ ජනතාව සුදානම් බව පවසමින් ජාත්‍යන්තර ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ආර් සම්බන්ධන්ගේ නායකත්වයෙන් යාපනයයේ විශ්ව විද්‍යාලයේ ගුරු සංගමය, ශිෂ්‍ය සංගමය, සිවිල් සමාජය, පොදු සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන ඒකාබද්ධය, බහුජන සංවිධාන, අතුරුදහන් වූවන් ආරක්‍ෂා කිරීමේ සංගමය සහ කාන්තා සංවිධාන මේ වෙනුවෙන් සටන් කරන අතර උතුරු නැගෙනහිර ජාති ඝාතනය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් යුක්තිය ඉල්ලා සටන් කරන සංවිධානයන් ඒකරාශි කිරීම පිළිබඳ ප්‍රථම රැස්වීම 2015.09.02 වන දින යාපනයේදී පවත්වා තිබේ.