Uncensored News Of The Sri Lankan Regime

Advertisement

පක්ෂ අර්බුදය රටට කිව්වාම ජවිපෙට මළ පැනලා- මාධ්‍යවේදීන්ට එන්තරවාසි යවන බව ටිල්වින් කියයි

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අභ්‍යන්තර අර්බුදයන් සම්බන්ධයෙන් රටට අනාවරණය කල මාධ්‍යවේදීන්ට තර්ජනාත්මක ස්වරූපයෙන් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ අවලාද නඟා තිබේ.

-උපුටා ගැන්ම ජවිපෙ මාධ්‍ය හමුවේ ජ.වි.පෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කල කතාව –

ඔබ මේවන විටත් දන්නවා අපේ පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභික සෝමවංශ අමරසිංහ සහෝදරයා පුද්ගලිකව තීරණයක් අරගෙන පක්‍ෂයෙන් ඉවත්වුණා. ඔහු පක්‍ෂයෙන් ඉවත්වන මොහොත දක්වා අප ඒ පිළිබඳව දැනගෙන සිටියේ නැහැ. ඒ මොහොතේ සිට මේ දක්වා අප උත්සාහ දරන්නේ ඔහු නැවත පක්‍ෂයට සම්බන්ධ කරගන්නයි. එසේ නොමැතිව පක්‍ෂයෙන් කවුරුත් ඔහු සමඟ යන්නට කිසිදු බලාපොරොත්තුවක් නැහැ. 

මේ පිළිබඳව ඇතැම් මාධ්‍ය කිහිපයක් පමණක් සාධාරණ ලෙස වාර්තා කර තිබුණා. නමුත් ඇතැම් මාධ්‍ය සහ ජනතා විමුක්ති පෙරමුණට සතුරු වගේම රටට එරෙහිව වැඩකරන කුඩා කණ්ඩායමක් මෙම සිද්ධිය වැරදි විග‍්‍රහයන් සහිතව තමන්ගේ අරමුණු ඉටුකරගැනීමට යොදාගනිමින් තිබෙනවා. දේශපාලන කුණාටුවක් බවට පත්කරන්න හදනවා. අප පැහැදිළිව කියනවා ජවිපෙ කවුරුත් පක්‍ෂය දාලා යන්නේ නැහැ. 

මාධ්‍යවල වාර්තාවන ඇතැම් නම් පිළිබඳ කිසිදු සත්‍යයක් නැහැ. සමහර මාධ්‍ය අපේ පක්‍ෂයේ නායකයින්ගේ නම් පාවිච්චි කරලා ප‍්‍රවෘත්ති වාර්තා කළා. පුද්ගලිකව මටත්, බිමල් සහෝදරයාටත් ලාල්කාන්ත සහෝදරයාටත් විශාල දේශපාලන හානියක් සිදුකළා. අප පක්‍ෂය වෙනුවෙන් කළ කැපවීම්, සහ පක්‍ෂය වෙනුවෙන් තිබූ විශ්වාසය නොතකා ඇතැම් මාධ්‍යවේදීන් ජනතාව තුළ සැකයක් උපදින විදියට ප‍්‍රවෘත්ති නිර්මාණය කළා. 

එය අපිට පුද්ගලිකව සිදුකළ හානියක්. එම මාධ්‍යවේදීන්ට එරෙහිව අප නීතිමය ආකාරයෙන් දැඩි පියවර ගැනීමට කටයුතු කරනවා. එන්තරවාසි යවනවා. ජනතා විමුක්ති පෙරමුණේ සතුරන් ඒ විදියට සතුටු වෙයි. නමුත් අප  පක්‍ෂයේ කිසිවෙක් සතුරන්ට සතුටු විය හැකි කිසිදු තීරණයක් ගන්නේ නැහැ. පුවත්පත්වල පළකරවන බේගල්වලින් නොමඟ නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලනවා. ජනතාවට අප ගැන විශ්වාසයි. 

-උපුටා ගැන්ම අවසන්-

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com