සී/ස ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ලද වසර 2015 සිට 2016 මැද භාගය අතර වකවානුවට අදාල ගල්අඟුරු මිලදී ගැනිමකට සම්බන්ධ කාරණයක් පිළිබඳ මා සම්බන්ධ කරමින් තමන්ගේ කීර්ති නාමයට හානි කරන අසත්‍ය තොරතුරු සමාජයට සන්නිවේදනය වෙමින් තිබේන බව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
“එම අසත්‍ය ප්‍රචාරයන්ට පදනම් වී ඇත්තේ ජනාධිපති කොමිෂන් සභාව වෙත එවකට විදුලිබල හා පුනතනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත්කරන ලද කමිටුවක ප්‍රධානියකු විසින් ලබා දෙන ලද සාක්ෂියකි.පළමුව කිව යුත්තේ එකී කාරණය පිළිබඳ මා එකී ජනාධිපති කොමිෂන් සභාවට කැඳවන්නේ නම් ඒ අවස්ථාවේදී මෙම කාරණයට අදාල සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කිරීමට මා කිසි විටෙක නොපැකිලි වන බවයි.”
“එසේ වුවද සමාජ තුළ මා පිළිබඳ වැරදි ප්‍රතිරූපයක් මැවෙන හෙයින් හා එකී අසත්‍ය කරුණු ප්‍රචාරයන් මගින් මාගේ නිකැළැල් කීර්ති නාමයට සිදු වන දැඩි බලපෑම හේතුවෙන් එකී ගණුදෙනුවට අදාල සත්‍ය තොරතුරු ඉතා කෙටියෙන් මීට අදාල කරුණු පැහැදිලි කිරීමක් සිදුකරමි.”
“මා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කල සමයේදී එක් ගල් අඟුරු මිලදී ගැනීමකදී එම සැපයුම්කාර සමාගම වු ලිබර්ටි කොමොටීස් ආයතනය ගිවිසුම වෙනස් කරමින් සිදුකර තිබූ වංචනික ක්‍රියාවක් එවකට මාගේ මගපෙන්වීම යටතේ ලංකා ගල් අඟුරු සමාගම විසින් ම හදුනා ගන්නා ලදි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එම සැපයුම්කාර සමාගමේ ණයවර ලිපි මුදල් කරගැනීම වැලැක්වීමට මා විසින් කටයුතු කරන ලදි. එපමණකින් නොනැවතී ඉන් ඉදිරියට එම සැපයුම්කාර සමාගමට ගල් අඟුරු ප්‍රසම්පාදන කටයුතු සඳහා පැමිනිමද මා විසින් වලක්වන ලදි. තවද එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනත් නමකින් ලියාපදිංචි වී නැවත පැමිනිමට කටයුතු කරන විට එයද වැලැක්වීමට පවා මා ඇතුළු ගල් අඟුරු සමාගමේ නිලධාරීන් විසින් කටයුතු කරන ලදි.”
“මෙහිදී මා විසින් විශේෂයෙන් සඳහන් කල යුත්තේ ආනයනය කරනු ලබන ගල් අඟුරු හී පරාමිතීන් තීරණය කරනු ලබන්නේ සී/ස ලංකා ගල් අඟුරු සමාගම හෝ සී/ස ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති වන මා විසින් නොව ලංකා විදුලිබල මණ්ඩලය මගින් බවයි.”
“ඉහත කී සැපයුම්කාර සමාගම විසින් කරන ලද වංචනික ක්‍රියාවට අදාලව ගල් අඟුරු සැපයුම් කිරීමේ ගිවිසුම අනුව බේරුම්කරන ක්‍රියාවලියට (Arbitration) අවතීර්ණ වීමට ද මා විසින් කටයුතු කරන ලදි. අදාල පුවත සම්බන්ධ විගණන වාර්තාව නිකුත් කර ඇත්තේ 2016.12.30 දින වේ. අධ්‍යක්ෂක මණ්ඩලය විසුරුවා හැරීම මගින් මා සභාපති ධුරයෙන් 2017 ජනවාරි මාසයේ දී එවකට පැවති ආණ්ඩුව විසින් ඉවත් කරන ලදි. කෙසේ වුවද මා සභාපතිවරයා වශයෙන් ආරම්භ කරන ලද බේරුම්කරණ ක්‍රියාවලිය”
“එමෙන්ම මෙලෙස මා විසින් සී/ස ලංකා ගල් අගුරු සමාගමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ලද වසර 2015 සිට 2016 මැද භාගය අතර වකවානුවේ සිදු වූ ක්‍රියාකාරකම් පිළිබඳ කරුණු ඉදිරිපත් කරන්නේ නම් ඒ පිළිබඳ සොයා බලා නිසි අධ්‍යනයකින් පසුව සිදු කරන ලෙසත් ඉල්ලා සිටින බවද එහි සදහන් කර තිබේ.
ඒ අනුව මා මෙම නිවේදනය මගින් අවසාන වශයෙන් කියා සිටින්නේ, මාගේ කීර්ති නාමයට හානි කරමින් විවිධ සමාජ මාධ්‍ය හරහා පතුරවන විවිධ අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසත්, මින් ඉදිරියට එවැනි අසත්‍ය ප්‍රචාරයක් පතුර වන්නේ නම් එය සිදු කරන පුද්ගලයන්ට එරෙහිව මා විසින් තරාතිරම නොබලා නීති මාර්ගයෙන් ගීත්‍යානුකූල ක්‍රියා මාර්ග ගනු ලබන බවත් ය.
.jpeg)
.jpeg)
.jpeg)



















Leave a Reply