වතුපිටිවල රෝහලේ ඇඳිරි නීතිය අස්සේ හොරකම් කරපු වටිනා පැරණි පිළිරුවක් ගැන වසර විසි හයකට පසු අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් වි තිබේ.
හිටපු ජනාධිපති චන්ද්‍රිකාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් මෙම පැමිණිල්ල සිදුකර තිබේ.වතුපිටි වල රෝහල රෝහලට ඉඩම් පරිත්‍යාග කළ නුවර පාර ඔබේසේකර පරම්පරාවට අයත් ඉතා වටිනා පිළිරුවක් රෝහල තුළ තිබියදී 1999 වසරේ ඇඳිරිනියේ තිය පනවා තිබූ වේලාවක යම් පිරිසක් පැහැරගෙන ගොස් තිබේ.
හිටපු පළාත් සභා මන්ත්‍රී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ සම්බන්ධීකරණ ලේකම් ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ සංජය සිරිවර්ධන කල පැමිණිල්ලේ සදහන් වන්නේ ඒවා එකට ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු ලසන්ත අලගිය වන්න මහතාට අයත් ජීප් රථයකින් මෙම පිළිරුව රැගෙන ගොස් ඇති බවයි.
“1999 ඇඳිරි නීතිය අස්සේ වතුපිටි වල රෝහලේ මිල කළ නොහැකි පෞරාණික වටිනාකමක් තියෙන පිළිරුවක් යම්කිසි යම්කිසි පිරිසක් අරගෙන ගිහිල්ලා.එවැනි කාර්යයක් කරන්න පුළුවන් උනේ ඉහළම රාජ්‍ය නායකයන්ගේ සම්බන්ධයක් තියෙන කෙනෙක්ට. ඔබේසේකර මහතාගේ නැතිනම් ඒ අවස්ථාවලට සහභාගී වෙලා තියෙනවා ආරෝග්‍ය ශාලාවේ වැඩ කටයුතුවලදී.මේ පිළිරුව ගලෝගෙන ගිය අයට විරුද්ධව මම හඬක් නැගුවා.ඒ අවස්ථාවේ හිටපු රෝහල් බලධාරීන් වගකීමක භාර ගන්න ඕනේ.වර්තමාන ආණ්ඩුව ආවට පස්සේ දූෂණය වංචාව නැති කරනවා.මේමේ රජය මැදිහත් වෙලා මේ පිළිරුව සොයාගෙන ගිය අය අත්අඩංගුවට ගත යුතුයි.මම පැමිණිල්ලක් ඉදිරිපත් කරා මේක ගලවන්න ගිය වෙලාවේ හිටපු ජීප් රථය. ටොන් එකක් විතර බර පිළිරුවක්.ඇඳිරි නීතිය වෙලාවේ තමයි මේක ගෙනියලා තියෙන්නේ.වාහනයේ පැදගෙන ගිහිල්ලා තිබුණේ ලසන්ත අලගියවන්න.”



















Leave a Reply