Uncensored News Of The Sri Lankan Regime

Advertisement

Exclusive:යහපාලනය ඉන්දියාව ඉදිරියේ දනීන් වැටේ-මුදල් ඇමති “හනුමන්තා” ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගිනී තබයි

Exclusive: වහාම ක්‍රියාත්මක වන පරිදි  ලංකා ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලික අංශයට විකුණා දමන ලෙස මුදල් අමාත්‍ය රවි කරුණානායක යොජනා කර තිබේ.මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාගේ අත්සනින් යුතුව 0211 2015 සැප්තැම්බර් 17 වැනි දා තමන් ඒ සම්බන්ධ ලිපිය ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමුකර තිබේ.

දිගින් දිගටම පාඩු ලබන බැවින් තෙල් සංස්ථාව රුපියල් මිලියන 60ත් 90ත් අතර මුදලකට විකුණා දමන ලෙස වූ යෝජනාවක් එහි සඳහන් කර ඇති අතර ඉතා කඩිනමින් ඒ සදහා කටයුතු කරන ලෙසද දන්වා තිබේ.IOC හෙවත් ඉන්දියන් තෙල් සමාගමට එය අලෙවි කරන ලෙසටද මුදල් අමාත්‍යවරයා එම ලිපිය හරහා නියෝග කර තිබේ.