Uncensored News Of The Sri Lankan Regime

Advertisement

GSP+වෙනුවෙන් ආණ්ඩුව රෙද්ද උස්සයි…නව ත්‍රස්‌ත මර්දන පනතට කැබිනට්‌ අනුමැතිය…

පැවැති ත්‍රස්‌ත මර්දන පනත වෙනුවට නව ත්‍රස්‌ත මර්දන පනතක්‌ කැබිනට්‌ මණ්‌ඩලය විසින් අනුමත කර තිබේ.රජය නව පනත අනුමත කර ඇත්තේ ජී.එස්‌. පී. ප්ලස්‌ සහනය ලබාගැනීම සඳහායි. ජී.එස්‌.පී. ප්ල්ස්‌ සහනය ලබාදීමේ තීරණය මැයි 16 දා ප්‍රකාශයට පත් කෙරේ.

මෙතෙක්‌ ක්‍රියාත්මක වූ ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කරන ලෙස යුරෝපා සංගමය රජයෙන් ඉල්ලා තිබිණි.පැරණි පනත යටතේ රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි පොලිස්‌ සහ හමුදා නිලධාරීන් 86 ක්‌ පිළිබඳව රජය මෙතෙක්‌ තීරණයක්‌ ගෙන නැත.

නව ත්‍රස්‌ත මර්දන පනත යටතේ රහස්‍ය තොරතුරු ඒකරාශි කිරීම ත්‍රස්‌ත කටයුතුවලට උදව් දීම සහ ඊට අදාළ ක්‍රියා සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීම යන කරුණු දඬුවම් ලැබිය හැකි වැරදි වේ

කීර්ති වර්ණකුලසූරිය