Uncensored News Of The Sri Lankan Regime

Advertisement

අගමැති වෙනස් කිරිමේ කුමන්ත්‍රණය මාට්ටු…ජනපති,අගමැති ලග සිටින ඇම්බැට්ටයන් දොට්ට

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය දිනා ගෙන සිටින නායකයකු අගමැති ධුරයට පත් කර ගෙන දුෂණ,වංචා සහ අක්‍රමිකතා පිළිබඳ චෝදනා එල්ල වී නොමැති එක්සත් ජාතික පක්ෂයේ සහ විපක්ෂයේ තවවත් මන්ත්‍රීවරුන් පිරිසක් සම්බන්ධ කර ගනිමින් පිරිසිදු සහ අලුත් ජාතික ආණ්ඩුවක් බිහි කළ යුතු බවට ද එම පක්ෂයේ තවත් පිරිසක් ජනාධිපතිවරයාට බල කරමින් සිටින බවට තොරතුරු අනාවරණය වි ඇති බවට ඒජාප ජ්‍යෙෂ්ඨයන් අග්‍රාමාත්‍යවරයාට දැනුම් දි ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

අවස්ථා ගණනාවක එජාපයේ රනිල් විරෝධි පිළ අගමැතිකමින් රනිල් ඉවත් කිරිම සදහා විවිධ කුමන්ත්‍රණ දියත් කල අතර පසුව මහ බැදුම්කර වංචාව හරහා එම කුමන්ත්‍රණය උග්‍ර කිරිමට එම කණ්ඩායම් සමත් වු බවත් මේ වනවිට අදාළ කණ්ඩායම් හදුනාගෙන ඔහුන් මර්දණය කිරිම සදහා මෙහෙයුම් දියත් කර තිබේන බවද දේශපාලන වාර්තාකරු සදහන් කළා.

බැඳුම්කර ගනු දෙනුවට අදාළව කරුණු විමර්ශනය කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමේ වාර්තාව පදනම් කර ගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර මත ගැටුම් අති කිරීමේ සැලසුම්සහගත වැඩ පිළිවෙළක් පිළිබඳව සියලු තොරතුරු හෙළිදරව් වී ඇති බවත් ඒ සදහා ජනපති සමග මෙන්ම අගමැති සමග සිටින කිහිප දෙනෙකුද කටයුතු කර ඇති අතර සිරස නාලිකා හිමිකරු කීළී මහරාජා එම මෙහෙයුම පසුපස සිටින බවද අනාවරණය වි තිබේ.

පළාත් පාලන මැතිවරණය අවසන් වු වහාම අදාළ කුමන්ත්‍රණකරුවන් සිය තනතුරු වලින් පහකර දැමිමට සහ ඔහුන්ට අදාළව ඇති පැරණි දුෂණ,වංචා චොදනා පදනම් කර ගනිමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනිමටද එජාපය කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

http://198.211.112.164/archives/11273

http://198.211.112.164/archives/13967

http://198.211.112.164/archives/16587