Uncensored News Of The Sri Lankan Regime

Advertisement

ඉංග්‍රීසි ජාතිවාදීන්ගෙයි…සිංහල බිල්ලන්ගෙයි ටිකිරි මොලේ හෙවත් බැදුම්කර වාර්තාව සිංහලෙන් නොදී, බරපතල වංචා දූෂණ කොමිෂන් වාර්තාව සිංහලෙන් දීම..

සිංහල බිල්ලන් සහ ඉංග්‍රීසි ජාතිවාදීවන් රටේ ජනතාවට හංගන ඉතාම වැදගත් ‍දෙයක් තියෙනවා. යහපාලන ආණ්ඩුව එනම් මෛත්‍රී-රනිල් ආණ්ඩුව විසින් සිදු කළ මහ බැංකු මුදල් වංචාව සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් වාර්තාව ඉදිරිපත් කරල තියෙන්නේ ඉංග්‍රීසියෙන්. ඒ කියන්නේ ලංකාවෙ බහුතර ඡන්දදායකයන්ට බැදුම්කර වාර්තාව කියවන්න බෑ.කියවල තේරුම් ගන්න බෑ.. එනම් බැදුම්කර වාර්තාව මගින් කියල තියෙන දූෂිතයන් සහ වංචාව ගැන සිංහලෙන් කියව ගන්න ලංකාවේ බහුතර ජනතාවට නොහැකි වෙන්න තමයි ඒ වාර්තාව ඉංග්‍රීසියෙන් දුන්නේ….

නමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිදු කළ දූෂණ හා වංචා හොයන්න පත් කළ බරපතල වංචා දූෂණ කොමිෂන් වාර්තාව අගේට සිංහලෙන් තියෙනවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව කොමිෂන් වාර්තාව අගේට කියවන්න, තේරුම්ගන්න සිංහල ජනතාවට පුළුවන්. ඒ කියන්නේ සිංහල ජනතාව මහින්ද රාජපක්ෂ කණ්ඩායමට එරෙහිව යොදවන්න, සිංහල ජනතාව මහින්ද රාජපක්ෂ කණ්ඩායමෙන් කළකිරවන්න ඒ වාර්තාව සිංහලෙන් දුන්න. නමුත් රනිල්-මෛත්‍රී යහපාලන ආණ්ඩුව සිදු කළ වැරදි සම්බන්ධව සිංහල ජනතාවට සිංහලෙන් වාර්තාව නෑ.

ඒ නිසා මේ කොමිෂන් වාර්තා ඉදිරිපත් කරන්නේ රාජපක්ෂලාට එරෙහිව සිංහල වාර්තා…. රනිල්-මෛත්‍රී යහපාලන ආණ්ඩුවට එරෙහිව ඉංග්‍රීසි වාර්තා…..කොහොමද මේ කොමිෂන් සභා මහත්තුරු සහ කොමිෂන් පත්කරන මෛත්‍රී ජනාධිපති සිංහල ජනතාව අන්දන ඇන්දිල්ල…

මේකට තමයි කියන්නේ ඉංග්‍රීසි ජාතිවාදීන්ගෙයි…සිංහල බිල්ලන්ගෙයි ටිකිරි මොලේ කියලා…..

සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහෝසි කළ ආකාරයට මහින්ද,ගෝඨා ඇතුලු කණ්ඩායමේ ප්‍රජා අයිතිය අහෝසි කරයිද?

http://198.211.112.164/archives/15052