Uncensored News Of The Sri Lankan Regime

Advertisement

කෝටිපතියන්ගේ අබ කාලා… අබ කාලා…දැන් නහය දනවා…. ඉහල ඉදන් යුනිෆෝම් ගැලවෙනවා ලගදිම… හන්තාන ඉඩම් හොරු රකින්න ගිය පොලිසියට මහා නාහිමියන් සුද්ද සිංහලෙන්ම කියයි…

Published on: Mar 31, 2018 @ 13:05- හන්තාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය අක්කර 148කට අධික හන්තාන රක්ෂිතයේ අක්කර 14ක ප්‍රමාණයක් බලහත්කාරයෙන් සහ ව්‍යාජ අන්දමින් ආණ්ඩුවේ ප්‍රබලයෙකු හොටල් ව්‍යාපෘතියක් සදහා පවරා ගැනිමට කටයුතු කරමින් සිටින මැර කල්ලිය එම ස්ථානය නිරික්ෂණය කිරිමට ගිය උඩරට අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නුවරඑළියේ චන්ද්‍රජෝති මහා නාහිමියන් ඇතුලු හිමිවරුන්ට පොලිසියෙන් බාධා එල්ල වුනා.

මෙහි ඇති ගුජුප්සාජනක සිද්ධිය නම් හන්තාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැන මහා දවාලේ එම ගොඩනැගිලි සියල්ලම මැරයන් විනාශ කරමින් සිටියදි 119 පොලිස් හදිසි ඇමතුම් එකකයට ඇමතුම් ලබා දුන් අවස්ථාවේ එය වැලැක්වීමට පැමිණිමට නොහැකිව කොන්ද කැඩුනු පොලිස් සුනඛයන් ලෙස හැසිරුනු පොල්සිය නිරික්ෂණයට පැමිණී හිමිවරුන්ට පොලිසිය තමන්ගේ කොන්දේ හයිය පෙන්විමයි.