Uncensored News Of The Sri Lankan Regime

Advertisement

සිරිසේනට ආපහු ජනාධිපති වෙන්න බෑ… රනිල්ටත් බෑ…. මහින්දට කොහොමත් බෑ… අනුර සටන අරඹයි!

Published on: Jul 14, 2018- මෛත්‍රීපාල සිරිසේනට යලිත් ජනාධිපති පුටුවේ වාඩිවිමට කිසිදු හැකියාවක් නොමැති බවත් අවශ්‍යනම් ගෙදර පුටුවක සාදා එහි “ජනාධිපති” ලෙස නම් කර වාඩි විමට හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක අවධාරණය කරනවා.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්දව කරුණු පැහැදිලි කරන විශේෂ භික්ෂු කතිකාවක් ඊයේ (13 ) කොළඹ – තුම්මුල්ල ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැති අතර එම අවස්ථාවට එක්වෙමින් අනුර දිසානායක සදහන් කලේ මෛත්‍රීට මෙන්ම රනිල්ටත් මහින්දටත් යලිත් ජනපති පුටුවේ වාඩි විමට නොහැකි බවයි.