Uncensored News Of The Sri Lankan Regime

Advertisement

PMD ලොක්කෝ ලොවෙත් නෑ… රාජ්‍ය මාධ්‍ය ආයතන දෙකක ප්‍රධානින් අතුරුදහන්!

Published on: Nov 13, 2018 @ 05:32- පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමත් සමඟ ජනාධිපති මාධ්‍ය එකකයේ ප්‍රධානින් දෙදෙනෙකු සහ රාජ්‍ය මාධ්‍ය ආයතන දෙකක ප්‍රධානින් අතුරුදහන් වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඉලක්ක කර මැතකදි ජනාධිපති මාධ්‍ය එකකයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්වු කීළීගේ සුරතලෙකු වන දිනේෂ් දොඩංගොඩ සහ සමාජ ජාලා මඩකරියන් වෙනුවෙන් චතුරිකාගෙන් රුපියල් සත ලබාදුන් චන්දන සිරිමල්වත්ත යන දෙදෙනා එක්වරම අතුරුදහන් ඉ ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මේ අතර ස්වාධීන රූපවාහිනී සහ ගුවන්විදුලි සංස්ථාවේ සභාපති සෝමරතන දිසානායක මට කෙළවුනා යනුවෙන් පවසමින් සියල්ල පොලවේ ගසමින් යකා නටා ඇති අතර ඔහුද පැදුරටත් නොකියාගොස් ඇති අතර ලේක්හවුස් සභාපති වසන්ත රාමනායකද මේ වනවිට අතුරුදහන් වි ඇති අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති සරත් කෝංගහගේ සිය රූපවාහිනි ප්‍රධානින් කැදවා තමන් ඉල්ලා අස්වෙන බව දන්වා තිබේ.

Loading…