Uncensored News Of The Sri Lankan Regime

Advertisement

කුඩු නාලිකා කුඩු වෙන දවස අත ලගයි… මර බිය දැනිලා අගමැතිට පහර දෙනවා…

Published on: Jun 3, 2019- ජාත්‍යන්තර සහයෝගය ඇතිව නූතන තාක්ෂණය යොදාගනිමින් ත්‍රස්තවාදයට මුහුණ දියයුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය විවේචනය කරන්නේ මෙම ක්‍රියාවලිය හරහා කුඩු ජාවාරම් ද කොටු වන නිසා බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අවධාරණය කර තිබේ.

ජාත්‍යන්තර සහාය ගෙන ත්‍රස්තවාදය පරාජය කරන බවට අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය ගැන රූපවාහිනී නාලිකාවක් ඇතුලු වෙබ් අඩවි හිමි මාධ්‍ය ආයතනයක් කළ විවේචනයට හේතුව වි ඇත්තේ කුඩු නාලිකාවලට මේ හරහා නිවාර්යයෙන් බඩේ පාර වදින බව දන්න නිසා බවයි ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කර ඇත්තේ.

ජාත්‍යන්තර සහාය හා නූතන තාක්ෂණය ත්‍රස්තවාදය වැළැක්වීමට ගන්නා පියවර තුලින් ස්ථිරවම මෙරට කුඩු ජාවාරම්කරුවන් ට ගැලවීමට ඉඩක් නොමැති බව පෙන්වා දුන් ලක්ෂ්මන් කිරිඇල්ල කුඩු සල්ලි වලින් පවත්වාගෙන යන මාධ්‍ය වලටද එහි බලපෑම එල්ලවන බවද පෙන්වා දෙනවා.