Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මහින්ද දැන් සැපද? ජනතා සහන නෑ…නතාව පොලිමවල… අය-වැය නෑ… මෙලොරහක් නැති බදු ප්‍රතිපත්ති නිසා ජනතාව මත ණය පැටවේ…

Published on: Feb 6, 2020- වත්මන් ආණ්ඩුව බදු ප්‍රතිපත්ති සමාලෝචනයකින් තොරව රජය බදු අඩු කිරීම තුලින් මේවන විට ආණ්ඩුව විශාල ණය උගුලකට පැටලී ඇති බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා.

මේ වන විට ආණ්ඩුව තමන්ගේ නොහැකියාව ප්‍රදර්ශනය කරමින් සිටින බවත් රටේ ජනතාව මේවන විට විශාල ආර්ථික ගැටළු රාශියකට මුහුණ පා ඇති බවත් නැවතත් මෙම ආණ්ඩුව රටේ ජනතාව පොලිමවල තැබීමට ක්‍රියා කර ඇති බවත් ඔහු අවධාරණය කළා.

තමන්ට සුළුතර ආණ්ඩුවක් ඇති බව මෙම ආණ්ඩුව පවසමින් සිටියත් 2015 දී එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව ද සුළුතර බලයක් සමගින් ජනතාවට විශාල සහන සැලසු බව පෙන්වා දුන් හිටපු අමාත්‍යවරයා පෙනෙන තෙක්මානෙක හෝ වත්මන් ආණ්ඩුව අයවැයක් ඉදිරිපත් කරන බවක් නොපෙනෙන බවද කියා සිටියා.

ළූනු කිලෝවක මිළ රුපියල් 240 වු සමයෙ මහින්ද රාජපක්ෂ වේදිකාවල දැන් සැපද කියමින් විවිධ ප්‍රකාශ කල බවත් මේ වනවිට පොලිම් සංස්කෘතියක්ද ආරම්භ වි තිබේන බවයි මන්ත්‍රීවරය පෙන්වා දුන්නේ.