Uncensored News Of The Sri Lankan Regime

Advertisement

‘තඹ සුදා’ ගලවා ගන්න රනිල් පොලිස් පරික්ෂණ නතර කරයි!

පරිගණක අමතර කොටස් තොගයක් අතරේ සඟවා කොරියාවට අපනයනය කිරීමට සූදානම් කර තිබූ අබිලි තඹ මෙට්‍රික් ටොන් 2ක සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකිරිම වහාම නතර කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට නියෝගකර තිබේ.පරිගණක අමතර කොටස් තොගයක් අතරේ සඟවා කොරියාවට අපනයනය කිරීමට සූදානම් කර තිබූ අබිලි තඹ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 18 ක් පමණ වෙතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා අනාවරණය කර තිබුනා.

සපුගස්කන්ද ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු මෙම තඹ තොගය කොරියාවට යැවීමට සූදානම් කර තිබූ අතර එම ජාවාරමට සම්බන්ධ වාත්තු ලිපිකරුවකු අත් අඩංගුවට ගෙන කල ප්‍රශ්ණ කිරිම්වලට අනුව පරික්ෂණ මෙහෙය විමට පොලිසිය කටයුතු කරමින් සිට තිබේ.නමුත් වහාම ඒ සම්බන්ධයෙන් පරික්ෂණ කිරිම නතර කරන ලෙසට පොලිස්පතිවරයාට නියෝග කර තිබෙන බවයි  LNW  ඔත්තුකරු සදහන් කළේ.

ඒ අනුව අධිකණ අමාත්‍ය සහ රනිල්ගේ ගල් කොලුවෙකු වන සුජිව සේමසිංහ හෙවත් ‘තඹ සුදා.’මෙම තඹ ජාවාරම පසුපස සිටිය හැකි බවට සැක කල හැකි බවයි අප ඔත්තුකරු අනාවරණය කළේ.

 තඹ සුදා ගැන තවත් කතා – තඹ සුදා,ගල් සුදා,කටවුට් සුදා – කොමිස් සුදා වු හැටි