Uncensored News Of The Sri Lankan Regime

Advertisement

රටේ මුදල් බිලියන ගණනක් ගිල්ල රවිට එරෙහි විශ්වාසභංගයට සජිත්ගේ සහයත්!

Ravi Karunanayake:මහා බැංකුවේ සිදුකල බරපතලම මුල්‍ය වංචාව ඇතුලු තවත් වංචනික ක්‍රියා 15ක් මුල්කරගෙන මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ගොනුකරන විශ්වාසභංග යෝජනාවට සහය දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස තමන්ගේ කණ්ඩායමට දන්වා තිබෙන බව එම කණ්ඩායමේ ප්‍රබල සමාජිකයෙකු අප සමග සදහන් කළා.

එක්සත් ජාතික පක්ෂ නායකත්ව අර්බුදය උග්‍රව පැවති සමයේ සජිත් ප්‍රේමදාසට එරෙහිව පුවත්පත් අ වෙබ් අඩවි භාවිතා කරමින් රවී සජිත්ට මඩ ගැසිම සහ සජිත්ට එරෙහිව පක්ෂය තුල වෙනම කණ්ඩායමක් නිර්මාණය කිරිම සහ රනිල්ට කේලාම් කියන පුද්ගලයා ලෙසටත් රවී ප්‍රසිද්ධියේ අනාවරණය වුවෙකි.

රවි – සජිත් වෛරය හේතුවෙන් රවිට එරෙහිව ගෙන එන මෙම  විශ්වාසභංග යෝජනාවට සහය දිමට සජිත් තිරණය කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි දිනයක සජිත් පිළේ ශිරාල්,මෛත්‍රී ඇතුලු කණ්ඩායම සමග සාකච්ඡා කිරිමටද සුදානමින් සිටින බවද වාර්තා වේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com