Uncensored News Of The Sri Lankan Regime

Advertisement

චන්ද්‍රිකාත් රනිල්ව මගහරි – අයියෝ යහපාලනය

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ ජනපති මෛත්‍රීපාල සිරිසේන අතර සිදුවු සාකච්ඡාව සම්බන්ධයෙන් හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග කිසිදු ප්‍රකාශයක් නොකිරිම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ කලකිරිමෙන් පසුවන බව වාර්තා වේ.

මහින්ද- මෛත්‍රී හමුව පිළිබඳව හමුවට කලින් සිටම් චන්ද්‍රිකාගේ අදහස් දැන ගැනිම උත්සහ කලද එය මෙතෙක් අසාර්ථක ඉම සම්බන්ධයෙන් රනිල් කලකිරීමට ලක්ව සිටින බවයි වාර්තා වන්නේ.චන්ද්‍රිකාගේ සමිපතම හිතවතා වන මංගල සමරවිර ද චන්ද්‍රිකා සම්බන්ධ කර ගැනිමට ගත් උත්සහය අසාර්ථක වි තිබේ.

කෙසේ නමුත් තමන් කල් ඉකුත්වු අයෙකු නිසා එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් අතර තමන්ට් පිලිගැනිමක් තිබුනද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තමන්ට ගරු කරන අය එක අතක aඇඟිලිගණනටත් වඩා අඩු බව පසුගියදා චන්ද්‍රිකා පවසා තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com