Uncensored News Of The Sri Lankan Regime

Advertisement

යහපාලකයන් අන්දොස් වේ- ගෝඨාභය අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරයි

වසර පහකට වැඩි කාලයක් පසුගිය රජය මඟින් නවත්වා තිබූ ද්විත්ව පුරවැසිභාවය ලබාදීම යලි ආරම්භ කිරිම හරහ ලාංකිය ජන සමාජයේ වටිනාම සහ ජනප්‍රියම චරිතයක් වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඪාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන පිවිසිම නතර කිරිමට යහපාලන ගොබිලන් ගත් උත්සහ වතුරේ ගොස් තිබෙන බව වාර්තා වේ. ඒ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා තමන්ට හිමි අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට කටයුතු කරන බවට වාර්තා විමත් සමගයි.

අමෙරිකාවේ දෙමළ ඩයස් පෝරාවෙන් තමාට දිගින් දිගටම එල්ලවන තර්ජන සලකා මෙම තීරණය ගත් බව ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කොට තිබේ. ඔහුට අමෙරිකානු පුරවැසිභාවය හිමිවුණේ 1994 වසරේදීයි.

~~බල්ලට යන රටේ පුරවැසි භාවය ~~

වයස අවුරුදු 55 සම්පූර්ණ කළ අය, ලංකාව තුළ රුපියල් ලක්ෂ 25ට වැඩි දේපළක් ඇති අය, මෙරට උපාධියක්, ඩිප්ලෝමාවක් ඇතුළු ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලබාඇති අය, මෙරට බැංකුවක රුපියල් ලක්ෂ 25ට වැඩි ස්ථිර තැන්පතු ඇති අය, අමෙරිකන් ඩොලර් විසිපන්දහසට වැඩි NRFC ගිණුමක් ඇති අය, එවැනි සුදුසුකම් ඇති අයගේ බිරියන්, වයස අවුරුදු22 වූ දරුවන් යන සුදුසුකම් ඇති අයට ඒ සඳහා අයදුම් කළ හැකි වෙයි.

ද්විත්ව පුරවැසිභාවය අයදුම් කිරීම සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක්ද ගෙවිය යුතු වෙයි.

ආගමන විගමන පාලක ජෙනරාල්වර‍යාගේ අධික්ෂණය යටතේ සතියට වරක් රැස්වෙන කමිටුවක් ඉදිරියේ පරීක්ෂාවට භාජනය වෙන ද්විත්ව පුරවැසිභාවයට අදාළ අයදුම්පත් සඳහා ඉතා කෙටි කාලයක් තුළ එම පුරවැසිභාවය ලබාදීම සිදුවෙයි.

මේ සඳහා ජනාධිපතිවරයා‍ හෝ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය අවශ්‍ය නොවන අතර නීතිය සාමය පිළිබඳ අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයා අත්සන් කිරීම පමණක් ප්‍රමාණවත් වෙයි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com