Uncensored News Of The Sri Lankan Regime

Advertisement

පාර්ලිමේන්තුවේ බහුතරය මහින්දට- අද පාර්ලිමේන්තුව වැටලිමට ජනතාව සුදානම්!

යමපාලන රජයේ කොන්ත්‍රාත්කරුවන් වු මැති ඇමතිවරුන් හැර ප්‍රගතිශීලි මන්ත්‍රිවරුන් 115ක් මහින්ද රාජපක්ෂ මහතාට සහය පලකරමින් පාර්ලිමෙන්තුව තුල අත්සන් තබා තිබෙන බව අප පාර්ලිමේන්තු වාර්තාකරු සදහන් කළා.

කැබිනට් අමාත්‍ය ධුර ලබාදිම වරදක් ලෙස හුවා දක්වමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට  ලබන 24 අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කැඳවිමට විරුද්ධව ඊයේ සිටම  පාර්ලිමේන්තු සභාගර්භය තුල ප්‍රගතිශීලි මන්ත්‍රිවරුන් රැසක් විරෝධතාවයක නියැලෙනවා.

රනිල් වික්‍රමසිංහගේ පළිගැනීමේ අදහස පිට මහින්ද රාජපක්ෂ මැතිතුමන් අල්ලස් කොමිසමට ගෙන යාමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ආරම්භ කරනු ලැබූ මෙම විරෝධතාව සහය පල කරමින් විශාල පිරිසක් අද  පාර්ලිමේන්තු වට රවුමට පැමිණීමටද නියමිතය.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com