Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මෛත්‍රීට, චන්ද්‍රිකා වහ වෙයි- චන්ද්‍රිකා එළවන සටන ඇරඹෙයි

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තමන්ටත්,ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ඇණයක්ව ඇති බවත් කෙසේ හෝ ඇය එළවා දැමිමට කටයුතු කලයුතු බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී ශ්‍රිලනිප මන්ත්‍රිවරුන්ට පවසා තිබේ. 

පාර්ලිමේන්තුවේ විශේෂ හමුවකින් පසුව මන්ත්‍රිවරුන් භොජනාගාරයෙදි මෛත්‍රී ජනපති හමුවි ඇති අතර එහිදි මෛත්‍රී මන්ත්‍රිවරුන්ට ඉඟියක් දි ඇත්තේ හැකි තරම් හූ…කියා චන්ද්‍රිකා පන්නා දමන ලෙසයි.

මම ඉන්නේ කලකිරිමෙන් හිටං….මැඩම් ඉන්නකම් මේ පක්ෂය සාමදානයෙන් තියා ගන්න වෙන්න නෑ…….

ඊයේ කුරුණෑගලදි හූ කියමින් පරුෂ වචනයෙන් බැණ වැදිම හේතුවෙන් මහත් කණස්සල්ලට පත්වු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊයේ රාත්‍රිය පුරාම සිරිසේන ජනාධිපතිවරයාට දුරකතන ඇමතුම් ලබාදෙමින් අම්බානකට බැණ වැදි ඇති අතර ඉවසාගත නොහැකිව මෛත්‍රී අවසාන මොහොතේ චන්ද්‍රිකාටද බැන වැදි තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com