Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මට විහින් මැරෙන්න බෑ

67 වන නිදහස් උළෙල සඳහා හිටපු යුද හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතා සහභාගි නොවිමට හේතුව ඊයේ රාත්‍රියේ LNW විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ. සරත් ෆොන්සේකා මහතා පවසා ඇත්තේ වත්මන් මෛත්‍රීපාල රජය ජාතික ආරක්ෂාව පිළිබඳව  වගකිමකින් තොරව කටයුතු කරන බැවින් මරණ තර්ජනයක් ඇති තමන් ආණ්ඩුව සංවිධාන කරන පොදු රැස්විම්වලට සහභාගි විම ගැන දෙවරක් සිතිමට සිදුව ඇති බවයි.

ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු හමුදා නිලධාරීන්ට ජීවිතාන්තය දක්‌වා ආරක්‍ෂාව ලබාදීම පිළිබඳ පනතක්‌ ගෙන එන ලෙසට ජනතා විමුක්‌ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා පසුගිය කාලසිමාවේ පාර්ලිමේන්තුවේදී කළ ඉල්ලීමට මෙතෙක්‌ පිලිතුරක්‌ ලැබී තිබුනේ නෑ.