Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මෛත්‍රී සහ රනිල්ගේ අමුතුම බෙදිල්ල

ජනාධිපතිවරණ සමයේ දිවි කැපකරමින් මැතිවරණ ව්‍යාපාරයට දායකත්වය ලබාදුන් පක්ෂ සමාජිකයන්ට තනතුරු බෙදීමේදි කුඩම්මාටත් එහාගිය ක්‍රමවේදයක් මෛත්‍රී සහ රනිල් අනුගමනය කරන බවට  තනතුරු ලැබුවන් චොදනා කර සිටි.මුදලට සහ විවිධ වරප්‍රසාදයන් ලබාගත් මාෆියාකරුවන්ට තනතුරු ලබාගැනිමෙදි කිසිදු කොන්දේසියක් දමා නැති වුවත් කැපකිරිම් කර වැඩකල වැදගත් අයට තනතුරු දිමේදි කොන්දේසි රැසක් දමා තිබේන බවයි ඔහුන් චොදනා කර සිටියේ.

සංස්ථා සභාපතිකම් පැවරිමෙදි අදාළ සභාපතිකම පමණක් ලබා දි ඇති අතර ඊට පහලින් ඇති කිසිදු තනතුරක් පිරවිමට ඔහුන්ට බලය නැති බව පවසා තිබේ.අදාල තනතුරු සදහා පත්කිරිම් සදහා බලය ඇත්තේ  මෛත්‍රී සහ රනිල් හැරුණු විට රාජිත සහ රතන් හිමියන්ට පමණක් බවටඩ් ඔහුන් චොදනා කර සිටියා.